IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට

(යොහාන් භාසුර)

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රේමජයන්ත මහතා කටයුතු කරමින් සිටි අතර ඒ මහතා පසුගියදා දෙල්කදපොළ භූමියේදී පැවසුවේ.

ආණ්ඩුව කරන්න බැරි දේවල් කිරීමට ගොස් රට අමාරුවේ දැමූ බවයි. 



අදහස් (40)

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට

යෝගා Tuesday, 04 January 2022 09:52 AM

එහෙම තමයි වෙන්න ඕන. පාලක පක්‍ෂයේ ඉන්නවනම් විවේචනය කරන්න ඕන ධනාත්මකවයි. නැතුව මයික් එකක් දැක්ක ගමන් ගැලරියට කතා කරන්න නොවේ.

:       49       18

Hafeel Tuesday, 04 January 2022 10:05 AM

මෙයා හරි කියල මම කියන්න නැහැ. නමුත් අද ආණ්ඩුවේ අඩු පාඩු, වැරදි විවේචන කරන්න බැරි තත්වයක් වෙලා තියන්නේ. මේක ඉතා භයානකයි. ආණ්ඩුව ඒකාධිපති ගමනක යන්නේ.

:       8       53

RangaTuesday, 04 January 2022 03:21 PM

ආණ්ඩුව විවේචනය කිරීමේ හැකියාව තියෙනව..ආණ්ඩුව මේ වගේ විවේචනය කරන්න ඇමතිවරයෙක් ඉඳල බෑ..අනික දන්න තරමින් රාජ්‍ය ඇමතිකම නැති වෙලා තියෙන්නෙ ආණ්ඩුව විවේචනය කරපු නිසා නෙවෙයි..

:       0       1

nimalWednesday, 05 January 2022 03:53 AM

රටේ ජනතව ඉල්ලා සිටින්නේ අලුත් කණඩායමක්. එසේ නොවුනහොත් දුෂකයන් පාර්ලිමේන්තුවට පත් කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍ර විරෝධී උවත් ජනතව මැතිවරණ වර්ජනය කරනු ඇත.

:       1       1

ජල්තරWednesday, 05 January 2022 02:27 PM

හැඳුනුම්පත් බලහත්කාරයෙන් එකතු කරමින්, ඡන්දය දෙන මුල් පස් දෙනා ඝාතනය කරන බවට තර්ජනය කරමින්, ජනතාව පීඩනයට පත් කළ, බලහත්කාරයෙන් මැතිවරණ තහනම් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ගර්හාවට ලක්කළ ජෙප්පං සහ පෙරෙට්ටංට රට බාරදීමට හිතන්නේ 3% මැට්ටන් මිස රටේ බහුතර ජනතාව නම් නොවේ...

:       1       2

jagath Tuesday, 04 January 2022 10:45 AM

ප්‍රේම ජයන්ත වැන්නඋන් තවත් ආණ්ඩුව තුල බිහිවේවා.!

:       6       39

Hafeel Tuesday, 04 January 2022 01:29 PM

ඇමතිකමක් නොලැබුණු නිසා තමයි ආණ්ඩුව විවේචන කලේ මිස මෙයා අවංක නැහැ. මතකද FCID එක අහෝසි කලයුතු කියල මෙයා කියපු එක.

:       5       35

කෝරලගේ Tuesday, 04 January 2022 10:53 AM

මේගොල්ලෝ අවුරුදු 25ක් විතර පාර්ලිමේන්තුවේ ඉදල රටට නම් කරපු දෙයක් නම් නැහැ... මේ වගේ තව ඉන්නව පාර්ලිමේන්තුවේ හැත්තෑ බුරුත්තක්... එහාට මෙහාට පැන පැන හත්මුතු පරම්පරාවටම හම්බුකරන් ඉන්නේ. මේ රැලම අයින්කරනවානම් වඩාම හොදයි.

:       2       38

Perera Tuesday, 04 January 2022 10:56 AM

රජයේ මැති ඇමතිගොල්ල අතරේ සිටින වැදගත්, උගත්, බුද්ධියක් ඇති අතලොස්සෙන් එක් අයෙක් මෙතුමා.

:       21       19

දාසTuesday, 04 January 2022 01:39 PM

කොමිස් ගන්න ගෙනාපු තෙල් ගහල වාහන විතරක් නෙමෙයි කෝච්චිත් රේල් පාරවල් වල නැවතුනා.

:       2       25

AS Tuesday, 04 January 2022 10:56 AM

සුදු ලූනු වංචාව කරපු අය අස්කරාද​? සීනි වංචාව කරපු අය අස්කරාද​? ගෑස් වංචාව කරපු අය අස්කරාද​? ආයෝජකයන් ගෙන් කොමිස්ගන්න කාක්කො අස්කරාද​? නෑනෙ. හැබැයි තමන්ව විවේචනය කරපු අය අස්කරනව​?

:       5       57

මහසෙන් Tuesday, 04 January 2022 11:03 AM

දුර දිග බලා වැඩ කරන අපේ සර් මේ තීරණය ගන්න ඇත්තේ මේ වෙලාවේ ගන්න ඕනම තීරණය ක් නිසා වෙන්න ඇති. මේ කරගෙන යන ලෙසම යමු. වසන්තය එනවා සත්තයි. මේ වගේ අර අනික්. තුන් දෙනත් අයින් කරලා මේ ප්‍රස්න ටික ඉවර කරලම දාමු. රෙස්පෙක්ට් !!!

:       11       21

Senani Rathmalgama Keerapane Tuesday, 04 January 2022 11:17 AM

මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී, කිව්වලු.

:       2       20

දාස Tuesday, 04 January 2022 11:18 AM

අත ඉස්සුව 20 ට ඔන්න කොල්ලො ප්‍රථිපලේ,

:       2       40

gunarathna Tuesday, 04 January 2022 11:33 AM

මෙපමණ කලක් ඇමතිකමේ හිටියා මොනවද කෙරුවේ.

:       9       34

mp Tuesday, 04 January 2022 11:36 AM

අනිත්‍ය වූ මේ ලෝකය නිවැරදිව පසක් කර ගැනීමේ වැදගත්කම තව තවත් දැනෙන යුගයකි මේ.

:       2       20

kamal Tuesday, 04 January 2022 11:43 AM

සර්, තවනම් විශ්‍රාමික අය හොයාගන්න බැහැ. ඔක්කොම හැංගෙනවා.

:       2       19

Senarath Tuesday, 04 January 2022 12:00 PM

කරන්න බැරි දේවල් කියලා යුද්ධෙත් පැත්තකට දමලා ඒ අවුරුදු 5ත් ගෙවාදැමුවා නම් අදටත් යුද්ධේ තියෙනවා.

:       37       20

සිල්වා Tuesday, 04 January 2022 12:53 PM

මේ අය යුද්දෙ දිනපු උද්දච්ච කම තමයි මේ රට දැන් විදවන්නෙ. යුද්ධය කෝකටත් තයිලයක් නොවෙයි.

:       4       41

Hafeel Tuesday, 04 January 2022 01:23 PM

යුද්ධය ජයග්‍රහ කලෙත් එක පාරටම නන්දික්‌කඩල්, පුදුක්කුදියිරුප්පුවලට ප්‍රහාර එල්ල කරලා නොවේ. ක්‍රමානුකුලව සහ නිවැරදි සැලැස්මත් එක්ක. හැබැයි ආණ්ඩුව කාබනික පොහොර වැඩපිලිවල එක පාරටම ක්ෂණික නූඩිල්ස් වගේ කරන්න ගිහින් අනාගත්ත. ජනාධිපතිගේ මැතිවරණ පොරුන්දුවෙත් සඳහන් කරල තියන්නේ වසර දහයක්තුල ක්‍රමානුකුලව තමයි කාබනික පොහොර වැඩපිළිවලට යනවයි කියල. කාබනික පොහොර වැඩ වගේ යුද්ධය කළා නම්, අද මොකද්ද වෙන්නේ?

:       2       27

AkilaTuesday, 04 January 2022 03:28 PM

මේ අයත් එක්ක වැඩ කරලා යුද්දේ ඉවර කළාට ෆොන්සේකා මහතාට වෙනම සම්මානයක් දෙන්න වටිනවා..

:       3       1

fairoos Tuesday, 04 January 2022 12:28 PM

ඇත්ත කතාකරොත් ගෙදර. අපරාදේ තවත් අවුරුදු 2ක් ඉඳලා රට වලපල්ලට වට්ටලාම යන්ඩ තිබ්බේ.

:       7       38

චන්දන Tuesday, 04 January 2022 12:53 PM

අයින් කරන බව දැනගෙන තමා අරම කියන්න ඇත්තේ .

:       1       26

සිල්වා Tuesday, 04 January 2022 12:58 PM

මේ රජය පිහිටුවීමට මහන්සි ගත් කෙනෙක් හැටියට ඔබට තවතවත් ප්‍රතිපල ලැබේවා.

:       5       28

ranil Tuesday, 04 January 2022 01:04 PM

දැන් සැපද?

:       2       27

Shan Tuesday, 04 January 2022 01:15 PM

අනිත් අයත් රට ගැන හිතලා තීරණයක් ගත්තොත් හොඳයි

:       4       15

Ramsi Tuesday, 04 January 2022 01:52 PM

කොහොමහරි රාජපක්ෂලාට පුළුවන් එකම දේ ඔච්චර තමයි

:       5       23

සමන්ත Tuesday, 04 January 2022 02:14 PM

මේ වගේ කිසිම වැඩකට නැති කිසිම වැඩක් බැරි කයිවාරුකාරයෝ තවත් රොත්තක් ඉන්නවා. ඒ සියලු දෙනාමත් මුලු දේශපාලනයෙන්ම ඉවත්කිරීම ජනතාවගේ වගකීමක්.

:       0       0

wimal Tuesday, 04 January 2022 02:42 PM

ඔක්කොම ගෙදර ගිහිල්ලා හරි රටයි හදන්න ඕනේ

:       0       1

Wderaniyagala Tuesday, 04 January 2022 02:55 PM

දැන් සැප ද ?

:       1       0

sharm warn Tuesday, 04 January 2022 03:04 PM

මෙයාව ඉවත් කළේ ඉතුරු 13 දෙනාව බය කරන්න වෙන්න ඇති.

:       0       0

siri Tuesday, 04 January 2022 03:12 PM

ඇති එයින් ගියා. ඉස්සර නම් කණ පැලෙන්නත් ගැහුවා වගේ මතකයි.

:       0       0

siri Tuesday, 04 January 2022 03:38 PM

උපුටා ගැනීමක්. "ආණ්ඩුවේ ඇමැති ධුරවල වරප්‍රසාදයන් භුක්ති විඳිමින්, ව්‍යාජව ආණ්ඩුව විවේචනය කරමින් තීරණාත්මක අවස්ථාවන්හිදී ආණ්ඩුව රැකගන්නට තම ඡන්දය ද පාවිච්චි කරමින් ජනතාව ගොනාට අන්දමින් කපටි රංගනයක යෙදී ඉන්නා ඇමතිවරු දෙතුන් දෙනෙක්ම ඉන්නවා නේද? ඒ ගොල්ලෝ අස්කරන්නේ කවදාද? "

:       0       2

Pkmdkumarasiri Tuesday, 04 January 2022 07:05 PM

ඇත්ත තිත්තයිනේ... ඒත් ඇත්ත කියලා පැත්ත කෑවත් කමක් නෑ.. මන්ත්‍රීතුමා මිනිස්සු පිළිගනීවි...

:       1       4

විපරමා Tuesday, 04 January 2022 07:43 PM

ගිලෙන නැවෙන් පැනපු මීයෙක්? තවත් හිටියොත් හූව විතරක් නෙවෙයි මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගෙන පැන්නා වෙන්ඩැති...

:       0       5

බන්දුල වික්‍රමසූරිය Wednesday, 05 January 2022 11:09 AM

ආණ්ඩුව රටේ පැවැත්ම පාලනය ගැන ක්‍රියා කලයුත්ත විවෘත වයි.. ට්‍රාන්ස්පේරන්සි... රජයේ දක්ෂතා, දුර්වලතා ආදිය ගැන කතාකිරීමේ නිදහසක් තිබුණාට වරදක් නැත.. රටට හොරෙන් රහසිගත වැඩ කරන්නේ හොර ගැංසි.. වගෙ වනචාරි අය. එවැන්නන්ට රටට හොරෙන් කරන්න ඕනැ දේවල් මහජන විරොධි.. නෙවෙයිද? ගැන්සියේ රහස් එළියට දුන්නා කියලා ගැංසියෙන් පැන්නුවා කියන ප්‍රවෘත්තිය... කමකට නැති අය ගැන අපි දැනගැනීමක් වගේ.. මට නම් මේ වැඩේ දැනගත්තාම කැත හිතෙනවා... මේ අය මහත්තුරුද කියලා.. කියන්න මම වැරදි නම්...!

:       0       1

sampath Wednesday, 05 January 2022 10:20 PM

මේකනම් ඉතාම හොඳ දෙයක්.

:       0       0

samantha weerasekara Friday, 07 January 2022 01:50 PM

21 වන සියවසේ සෞභාග්‍යයේ දැක්ම නම් පට්ට

:       0       0

samantha weerasekara Friday, 07 January 2022 01:59 PM

ඇමරිකන් මොලයක තරම

:       0       0

අනික් මිනිස්සුන්ට මොකද වෙන්නේ? Friday, 07 January 2022 02:06 PM

ඉතා හොඳ වැඩපිළිවෙලක්... ඇමරිකන් මොලයක තරම...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 21 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 821 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1511 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1722 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 917 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 857 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1569 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site