
(යොහාන් භාසුර)
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රේමජයන්ත මහතා කටයුතු කරමින් සිටි අතර ඒ මහතා පසුගියදා දෙල්කදපොළ භූමියේදී පැවසුවේ.
ආණ්ඩුව කරන්න බැරි දේවල් කිරීමට ගොස් රට අමාරුවේ දැමූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි වෙන්න ඕන. පාලක පක්‍ෂයේ ඉන්නවනම් විවේචනය කරන්න ඕන ධනාත්මකවයි. නැතුව මයික් එකක් දැක්ක ගමන් ගැලරියට කතා කරන්න නොවේ.
මෙයා හරි කියල මම කියන්න නැහැ. නමුත් අද ආණ්ඩුවේ අඩු පාඩු, වැරදි විවේචන කරන්න බැරි තත්වයක් වෙලා තියන්නේ. මේක ඉතා භයානකයි. ආණ්ඩුව ඒකාධිපති ගමනක යන්නේ.
ප්‍රේම ජයන්ත වැන්නඋන් තවත් ආණ්ඩුව තුල බිහිවේවා.!
මේගොල්ලෝ අවුරුදු 25ක් විතර පාර්ලිමේන්තුවේ ඉදල රටට නම් කරපු දෙයක් නම් නැහැ... මේ වගේ තව ඉන්නව පාර්ලිමේන්තුවේ හැත්තෑ බුරුත්තක්... එහාට මෙහාට පැන පැන හත්මුතු පරම්පරාවටම හම්බුකරන් ඉන්නේ. මේ රැලම අයින්කරනවානම් වඩාම හොදයි.
රජයේ මැති ඇමතිගොල්ල අතරේ සිටින වැදගත්, උගත්, බුද්ධියක් ඇති අතලොස්සෙන් එක් අයෙක් මෙතුමා.
සුදු ලූනු වංචාව කරපු අය අස්කරාද? සීනි වංචාව කරපු අය අස්කරාද? ගෑස් වංචාව කරපු අය අස්කරාද? ආයෝජකයන් ගෙන් කොමිස්ගන්න කාක්කො අස්කරාද? නෑනෙ. හැබැයි තමන්ව විවේචනය කරපු අය අස්කරනව?
දුර දිග බලා වැඩ කරන අපේ සර් මේ තීරණය ගන්න ඇත්තේ මේ වෙලාවේ ගන්න ඕනම තීරණය ක් නිසා වෙන්න ඇති. මේ කරගෙන යන ලෙසම යමු. වසන්තය එනවා සත්තයි. මේ වගේ අර අනික්. තුන් දෙනත් අයින් කරලා මේ ප්‍රස්න ටික ඉවර කරලම දාමු. රෙස්පෙක්ට් !!!
මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී, කිව්වලු.
අත ඉස්සුව 20 ට ඔන්න කොල්ලො ප්‍රථිපලේ,
මෙපමණ කලක් ඇමතිකමේ හිටියා මොනවද කෙරුවේ.
අනිත්‍ය වූ මේ ලෝකය නිවැරදිව පසක් කර ගැනීමේ වැදගත්කම තව තවත් දැනෙන යුගයකි මේ.
සර්, තවනම් විශ්‍රාමික අය හොයාගන්න බැහැ. ඔක්කොම හැංගෙනවා.
කරන්න බැරි දේවල් කියලා යුද්ධෙත් පැත්තකට දමලා ඒ අවුරුදු 5ත් ගෙවාදැමුවා නම් අදටත් යුද්ධේ තියෙනවා.
ඇත්ත කතාකරොත් ගෙදර. අපරාදේ තවත් අවුරුදු 2ක් ඉඳලා රට වලපල්ලට වට්ටලාම යන්ඩ තිබ්බේ.
අයින් කරන බව දැනගෙන තමා අරම කියන්න ඇත්තේ .
මේ රජය පිහිටුවීමට මහන්සි ගත් කෙනෙක් හැටියට ඔබට තවතවත් ප්‍රතිපල ලැබේවා.
දැන් සැපද?
අනිත් අයත් රට ගැන හිතලා තීරණයක් ගත්තොත් හොඳයි
කොහොමහරි රාජපක්ෂලාට පුළුවන් එකම දේ ඔච්චර තමයි
මේ වගේ කිසිම වැඩකට නැති කිසිම වැඩක් බැරි කයිවාරුකාරයෝ තවත් රොත්තක් ඉන්නවා. ඒ සියලු දෙනාමත් මුලු දේශපාලනයෙන්ම ඉවත්කිරීම ජනතාවගේ වගකීමක්.
ඔක්කොම ගෙදර ගිහිල්ලා හරි රටයි හදන්න ඕනේ
දැන් සැප ද ?
මෙයාව ඉවත් කළේ ඉතුරු 13 දෙනාව බය කරන්න වෙන්න ඇති.
ඇති එයින් ගියා. ඉස්සර නම් කණ පැලෙන්නත් ගැහුවා වගේ මතකයි.
උපුටා ගැනීමක්. "ආණ්ඩුවේ ඇමැති ධුරවල වරප්‍රසාදයන් භුක්ති විඳිමින්, ව්‍යාජව ආණ්ඩුව විවේචනය කරමින් තීරණාත්මක අවස්ථාවන්හිදී ආණ්ඩුව රැකගන්නට තම ඡන්දය ද පාවිච්චි කරමින් ජනතාව ගොනාට අන්දමින් කපටි රංගනයක යෙදී ඉන්නා ඇමතිවරු දෙතුන් දෙනෙක්ම ඉන්නවා නේද? ඒ ගොල්ලෝ අස්කරන්නේ කවදාද? "
ඇත්ත තිත්තයිනේ... ඒත් ඇත්ත කියලා පැත්ත කෑවත් කමක් නෑ.. මන්ත්‍රීතුමා මිනිස්සු පිළිගනීවි...
ගිලෙන නැවෙන් පැනපු මීයෙක්? තවත් හිටියොත් හූව විතරක් නෙවෙයි මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගෙන පැන්නා වෙන්ඩැති...
ආණ්ඩුව රටේ පැවැත්ම පාලනය ගැන ක්‍රියා කලයුත්ත විවෘත වයි.. ට්‍රාන්ස්පේරන්සි... රජයේ දක්ෂතා, දුර්වලතා ආදිය ගැන කතාකිරීමේ නිදහසක් තිබුණාට වරදක් නැත.. රටට හොරෙන් රහසිගත වැඩ කරන්නේ හොර ගැංසි.. වගෙ වනචාරි අය. එවැන්නන්ට රටට හොරෙන් කරන්න ඕනැ දේවල් මහජන විරොධි.. නෙවෙයිද? ගැන්සියේ රහස් එළියට දුන්නා කියලා ගැංසියෙන් පැන්නුවා කියන ප්‍රවෘත්තිය... කමකට නැති අය ගැන අපි දැනගැනීමක් වගේ.. මට නම් මේ වැඩේ දැනගත්තාම කැත හිතෙනවා... මේ අය මහත්තුරුද කියලා.. කියන්න මම වැරදි නම්...!
මේකනම් ඉතාම හොඳ දෙයක්.
21 වන සියවසේ සෞභාග්‍යයේ දැක්ම නම් පට්ට
ඇමරිකන් මොලයක තරම
ඉතා හොඳ වැඩපිළිවෙලක්... ඇමරිකන් මොලයක තරම...