IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පැල්මඩුල්ලේ නීතිඥවරිය අභිරහස් ලෙස මිය යයි

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.

සැකසහිත ලෙස මියගොස් සිරි නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇය නිදන ඇද මත තිබූ බව පැල්මඩුල්ල පොලිසිය පවසයි .

නිවසට උදෑසන පැමිණි මෙහකාරිය ඒ බව දැක තිබේ.

නීතිඥවරියගේ සැමියා 30 රාත්‍රි සිට නිවසේ නොසිටි බව ඔහු පොලිසියට ප්‍රකාශයක් කර තිබේ .

මෙම නිවසට පැමිණ උදයේ සිට පස්වරුව වෙන තෙක් සේවය කරන කාන්තාවකගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලඹාගෙන ඇත. පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා නීතිඥවරියගේ නිවෙසට පැමිණි ස්ථාණීය පරික්ෂණය සිදු කළේය.

එහිදී ප්‍රදේශවාසි කාන්තාවක්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලඹා දුන්නේය .

මෙම මරණය සැකසහිත බව නීතිඥවරියගේ පවුලේ අය පැල්මඩුල්ල පොලිසියට දැනුම් දි ඇතැයි පොලිසිය පවසයි.

එම පවුලේ අයකුට මියගිය නීතිඥවරිය විසින් පෙරේදා 30 රාත්‍රි ජංගම දුරකථනට දුන් කෙටි පණිවිඩයක් ගැනද පොලිසිය පරික්ෂණ පවත්වයි. නිවසේ බඩු මුට්ටු කිපයක් විසිරි තිබූ බව මෙහකාරිය පොලිසිය ට පවසා තිබේ .

මියගිය නීතිඥවරිය අසනිප තත්වයෙන් පෙළුණු බව ද සදහන් තොරතුරු ගැනත් සොයා බලන බවත් පොලිසිය පවසයි .

 



අදහස් (0)

පැල්මඩුල්ලේ නීතිඥවරිය අභිරහස් ලෙස මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 99 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site