IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සුර්ය බල විදුලි උත්පාදනයට ස්විස්ටරර්ලන්තයෙන් සහය

(නිමල කොඩිතුවක්කු)

ශ‍්‍රී ලංකාවේ සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි සහයෝගය ලබාදීමට ස්විස්ටර්ලන්තයේ විශේෂ අවධානය යොමුව තිබේ.

ඉදිරියේදී ලංකාව ප‍්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ත කිරීම කෙරෙහි ස්විස්ටර්ලන්තයේ තානාපතිවරයා සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ පැවති හමුවකදී අනාවරණය කර ගැණිනි.

විශේෂයෙන්ම මේ වනවිට සමස්ත දිවයින පුරා සාර්ථකව ක‍්‍රියාත්මක වන  සූර්යබල සංග‍්‍රාමය ව්‍යාපෘතිය පිළිබඳවත්, එම ව්‍යාපෘතීයට අදාළව ක‍්‍රියාත්මක කෙරෙන නෙට් ප්ලස් සහ නෙට් මීටරින් යන ක‍්‍රමවේදයන් පිළිබඳවත් ස්විස්ටර්ලන්ත තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමුවිය.

එම ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කරන ආකාරය, ඒ තුළින් පාරිභෝගික ජනතාවට මෙන්ම ආයතනයක් වශයෙන්  ලංකා විදුලිබල මණ්ඩලයට අත්වන ප‍්‍රතිලාභයන් පිළිබදව වැඩිදුරටත් තානාපතිවරයා  විෂයභාර අමාත්‍යවරයාගෙන් කරුණු විමසීය.

ඉදිරි අභියෝග ජයගැනීම සඳහා ශ‍්‍රී ලංකාව මේ වනවිට පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත නැඹුරු වෙමින් සිටින බවත්  පැවසූ අමාත්‍යවරයා, සූර්ය, සුළං ආදි පුනර්ජනනීය ප‍්‍රභවයන් තුළින් මේ වනවිට ශ‍්‍රී ලංකාව සැළකිය යුතු මට්ටමකට පැමිණ ඇති බවත් පැවසීය.

විශේෂයෙන්ම දිවයින තුළ ක‍්‍රියාත්මක වන සූර්යබල සංග‍්‍රාමය මේ වනවිට ප‍්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බවත්,  ඉදිරියේදී තවදුරටත් එම ව්‍යාපෘතිය වර්ධනය කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

විදුලිය සැපයීම අතින් කලාපයේ සෙසු රටවලට වඩා ඉදිරියෙන් ලංකාව සිටින බවත් මෙහිදී පැවසූ ස්විස්ටර්ලන්තයේ තානාපතිවරයා ලංකාව වැනි සංවර්ධනය වන රටක් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව මේ අයුරින් විශේෂ අවධානයක් යොමුකිරීම රජයක් වශයෙන් සිදුකරනු ලබන විශිෂ්ට ක‍්‍රියාවක් බවත් සඳහන් කළේය.

ස්විස්ටර්ලන්තය හා ශ‍්‍රී ලංකාව අතර දිගු කලක පටන් පවතින මිත‍්‍ර සබදතාව තවතවත් තහවුරු කරමින්, ලංකාව තුළ විදුලිබල ක්ෂේත‍්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව සිය රටේ අවධානය යොමුකරවීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

සුර්ය බල විදුලි උත්පාදනයට ස්විස්ටරර්ලන්තයෙන් සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 94 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site