
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවකු පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
එම සරසවි සිසුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු බවට නිල නොවන තොරතුරු ලැබී ඇත .
අනතුරින් කිසිදු පුද්ගලයකුට තුවාල සිදු වී නැති අතර ජීප් රථය පැදවූ සිසුවා කම්පනයට පත්ව පුද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත.
වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටි අනතුරුව විදුලි කණුවක ගැටී මෙම අනතුර වී ඒ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර වන අවස්ථාවේදී ජීප් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර නවතා තිබූ මෝටර් රථ දෙකේ කිසිවකු සිට නැතැයි පොලිසිය කියයි.ෙඅනතුරින් වාහන තුනට සහ විදුලි කණුව බරපතල අලාභ සිදු වී ඇත.
සරසවි සිසුවා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය වාහනවල ගැටීමෙන් අනතුරුව අඩි කීපයක් උඩින් යන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තා මන්ත්‍රී නම් කේස් එක ඔතැනින්ම ඉවරයි...
විදුලි කණුවට අලාබ හානි වෙලානම් ඒවා අයකර ගන්න. එසේ නොවුවොත් ඔය පාඩුව අන්තිමට එන්නේ විදුලි පාරිබෝගිකයින්ට. වාහනයට වෙන අලාභහානි ඒ ගොල්ලෝ රක්ෂණය සමග බේරාගනීවී. සිසුවාට වුන හානි එයා විඳගනීවී. අපිට ඔය එකක්වත් අදාළ නැත.
මන්ත්‍රීවරුන්ට වැඩිහරියක් ඉන්නේ මන්ද බුද්ධික ළමයි.
පිනාධිපති වැඩ බාරගත් පසු රටට කිසි යහපතක් සිදුවී නැත. තවමත් ඔවුන්ගේ පරණ කාලකණ්ණි නඩය නීතිය ඔවුන්ගේ අතට ගෙන සිටී... රට විනාශ මුඛයට...
එහෙනම් නිලනොවන විදිහට ඉතුරු ටිකත් වෙයි. අලාභ වෙනුවෙන් ටැක්ස් ගෙවන්න සූදානම් වෙමු...
මන්දබුද්ධික පුතාගේ වයස අවුරුදු 16යි.. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ තමයි 18 වුනේ..