IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ

(අංජුල මහික වීරරත්න)

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින්  ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර  ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන  ආරම්භ කෙරිණි.

පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified  Rice)  පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.

ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම අද ආරම්භ වූ අතර එය හෙට (20) දිනයේද ක්‍රියාත්මකය. අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු කරයි.

මේ අතර ලබන මැයි 19 වන දින නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක්, සන්ෆලවර් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක්, රට ඉඳි මෙට්‍රික් ටොන්300ක් ද පාසල් වෙත බෙදා දීමට නියමිත බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතා පැවසීය. 

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර දිනපතා පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙයි.



අදහස් (5)

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ

පුරවැසියා Friday, 19 April 2024 05:58 PM

දෙමාපියන්ගේ රැකියා සුරක්ෂිත භාවය තහවුරු කලා නම් දරුවන්ට හොඳ පෝෂ්‍යදායක ආහාර වේලක් දෙන්න තිබුණා. ඒත් එතකොට ජනතාවට පාලකයින් මතක් වෙන්නේ නැහැනේ... ඡන්දෙ කාලෙට ඒක නිසා වෙන්න ඇති දරුවන් ට කන්න දෙන්න බැරිවෙන්න තරම් දෙමාපියන් ගේ ආර්ථිකය කඩාබිඳ දමලා ආණ්ඩුවෙන් කන්න දෙන්නේ...!

:       2       18

AnihiFriday, 19 April 2024 07:31 PM

හම්බ කරන අය හම්බ කරන්න ඕනෑ මොවුන්ටත් එක්ක...

:       0       0

Nimal Friday, 19 April 2024 07:22 PM

හොරා කෑවාට පස්සේ ඉතුරු වුණ අපි ගෙවපු බදුමුදල් වලින් මොකක් හරි කරන්නත් එපැයි...

:       0       0

Lalla Friday, 19 April 2024 07:45 PM

දරුවන්ට පවුලට පෝෂණය දීමට නොහැකි මිනිස්සුන්ට දරුවන් හදන්න ඉඩදීම වැරැදි නොවේද? පවුලේ පියාගේ වගකීම මහජනතාව භාර ගත යූතුද? නිකමුන් බෝවීම පාලනය කිරීම රජයක යුතුකම...

:       0       0

achini Saturday, 20 April 2024 02:58 PM

දැන් නම් විශ්වාසයි ඡන්දයක් කිට්ටුයි කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මැයි රැලිවල වියදම කෝටි 200යි
2024 මැයි මස 02 300 0

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය.


කුලියාපිටිය අතුරුදන් තරුණයා ගැන අධිකරණය දුන් තීන්දුව
2024 මැයි මස 02 1305 0

අවුරුදු තිහක විවාහකයකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තකු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරයකු හොර


යුක්රේනයට AI ප්‍රකාශිකාවක්
2024 මැයි මස 02 500 0

යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්


බසයේ බැරි වූ රන් පාර්සලය අහුලා දෙයි
2024 මැයි මස 02 505 0

ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ


මහසයුරේ රත්තරන් සමග අයෙක් මාට්ටු
2024 මැයි මස 02 784 0

රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාක


හෝමාගම හෝටලයක් යුද පිටියක් කළ සරසවි සිසුන්ට ඇප
2024 මැයි මස 02 637 0

හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 456 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1879 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1673 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site