(යොහාන් භාසුර)
සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙකු බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බවත් තරුණ පිරිස ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමෙන් රට මුහුණ දී සිටින දුෂ්කර තත්වයෙන් ඉතා ඉක්මණින් මිදීමේ හැකියාව ඇති බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
‘කොවිඩ්’ වසංගත තත්ත්වය සමග ඉතාමත් අපහසු කාලසීමාවක් ගතකිරීම නිසා ක්‍රීඩාවටත්, රැකියාවටත්, ආර්ථිකයටත් බලපෑමක් ඇති වී ඇති බව කී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලබන වසරේ සිට තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ද සඳහන් කළේය.
සෑම ගමකම දක්‍ෂ ව්‍යවසායකයෙක් බිහි කර එම ව්‍යවසායකයාගේ නිෂ්පාදන ජාතික හා ජාත්‍යන්තර වෙළදපොළට අන්තර්ජාලය හරහා බෙදාහරින වැඩපිළිවෙල ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කීය.
තිරුක්කෝවිල් උදයසූරියම් ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.
COMMENTS
ඔබේ පක්ෂයෙන් ද නව කණ්ඩායමක්.
අපෝ මෙයාගේ විශේෂ වැඩපිළිවෙලවල් දැන් කියියක් දේවල් කරනවා කිව්වද.?
ක්‍රීඩා ඇමති ව්‍යවසායකයන් නොව ක්‍රීඩාකයන් බිහිකරන්න. බල්ලගෙ වැඩේ බූරුව නොකර.
නිල් බලකාය ,තාරුණ්‍යයට හෙටක් කියලා පටන් ගත්තු ඒවත් පටන්ගත්තු තැනම නතර උනා. සෑම ගමකින්ම කෙසේ වෙතත් පවුලේ අයට වාසියක් වෙන දෙයක් නම් කරාවි.
මේවට තමයි කටින් බතල හිටවනවා කියන්නේ.
අර 69 ලක්ෂෙන් කෙනෙක් වෙන එක ෂුවර්.
ඔව් ඔව් හදන්න ඕන තමයි හැදුවට පස්සේ ඔවුන්ගේ මුදල් ටික අරගෙන ගිහින් පිටරට වලට ගිහින් හංගල තියන්න.
මේකට කියන්නෙ බලෙන් පුම්බනවා කියලා.
හැම ගමකටම ජිම් එකක් සහ ඇවිදින මන් තීරුවක් ලබා දෙන්න
කියන දේ තේරුමවත් හරියට දන්නවද ?එහෙම ආවොත් දේශපාලුවන්ට සාමාන්‍ය මිනිසුන් රවටන්න බැරි වෙනවා .එතකොට චන්දෙ නැති වෙනවා
ඊටපස්සේ මේ අයට කඩේ යන්න ඕනි. ලොකු ලොකු උදාහරන ඕනි තරම් තියෙනවා.
කුනු ලේ පාට සාටකේ දැක්කම මට නම් තරහ එනවා.