(යොහාන් භාසුර)
පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මියගිය පිරිස අතර සිටි පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය පිරිස අතර සිටින බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව තහවුරු කරන බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ගේ මවගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සමඟ අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කීපයක ඩී.එන්.ඒ. සාම්පල මව සහ දරුවන් අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිපලයක් බවත් ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවීදා වීමට ඇති සම්භාවිතාව සියයට 99.9999 ක් බව තහවුරු වී ඇති බවත් රජයේ රස පරීක්‍ෂක වාර්තාවේ වැඩි දුරටත් සඳහන් බව එම නිවේදනයේ සඳහන් වේ.
එම වාර්තාව අනුව 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බව තහවුරු වී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදඟන් වේ.
පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් එම සිද්ධියේදී මිය නොගිය බවත් ඇය ඉන්දියාවට පැනගිය බවටත් මතයක් පැවතීම නිසා ඔවුන්ගේ මළසිරුරු භූමදානය කළ ස්ථානයෙන් අවස්ථා කීපයකදී එම සිරුරු ගොඩගැනීමට ද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ බලන්න මේක කරේ ඉන්දියාවෙන් අපේ දේශීය අන්තවාදීන් හරිම අහිංසකයි එයාලා එහෙම නෑ කියපු උන්දැල ටික ගේ කොමෙන්ට් ටික. මේක රාජපක්ශලාගේ ගිණුමට දාලා අතහෝදගත්ත රදගුරුටත් ඕකේ තරම තේරෙන්නේ තව කීප වතාවක් මෙයාලගේ කෙරුවාවල් දැක්කම තමයි.
සියල්ලන්ගේම ආරක්ෂාව සඳහා මිය ගියේය. හරි අපි විශ්වාස කරමු...
මේ සැරේත් හරි dna ගැලපුනේ නැත්නම් ආයි කරනව. ඒ සැරේ ගැලපුනේ නැත්නම් ආයි ආයි කරනව. ගැලපෙනකම් කරනව. මේ උත්තරය එනකම් කී සැරයක් dna කලාද? වෙලාවකට හිතෙනවා වෛද්‍ය විද්‍යාව බොරුද කියල. මෙහෙම බැලුවම dna වලින් ඔප්පු වෙන අපරාද කාරයන්ට කියන්න පුළුවන්, නිදොස් වෙනකම් දිගටම පරීක්ෂණ කරන්න කියල
දෙසැරයක් ඔප්පු කළා පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය පිරිස අතර නොසිටින බව දැන් කියනවා පුලස්තනී මහේන්ද්‍රන් මියගිය පිරිස අතර සිටින බව. එකම කට්ටිය තමයි මේ ඔක්කොම කියන්නෙ. ඇත්ත මොකද්ද කියල කවුද දන්නේ?
අනිවා, පාස්කු ගේමෙනුත් නිදොස් කොට නිදහස් වෙන්න එපෑ.
මරු පොලිසියක් අපෙ රටෙ නම් තියෙන්නෙ කට කියන්නඩ උඩ ඉන්න දෙවියන්ටම මෙ ප්‍රස්නෙ බාර කරනව මිස බොරු ගොතන ඒව ප්‍රචාරය කරන අලුත් කතා මවන සියල්ලන්ට දඩුවම් ස්වබාව දර්මය විසින්ම තීරනය කරාවි.
ඔතන මීය ගිය පිරිස අතර සාරා සිටියුත් නේද DNA එක තහවුරු කරගන්න පුළුවන්. මීට කලින් දෙවතාවක් DNA පරෙක්ෂණ කරලා තහවුරු නොවූ එක මේ පාර කොහොමද තහවුරු වුනේ? සාරා ඉන්දියාවට පෙන යන්න උදව් කළා කියමින් පොලීස් නිලධාරියක් තවම අත්අඩංගුවේ සහ නිලධාරියක් අභිරහස් ලෙස මීය ගිහින්. මේවා ජනතාව මුලා කරන වැඩ.
මොඩයන්ගෙ දිනයට තව දවස් 2නෙ තියෙන්නෙ ලොකුම බොරුව හැටියට ඔක දාන්න තියාගන්න තිබුනනෙ අනෙ