
(ටී.කේ.ජී.කපිල)
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සදහා මධ්‍යම අප්‍රිකානු ජනරජයට , පිටත්ව යන ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණයේ 09 වන කණ්ඩායම විසිර යාමේ උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කදවුරේ දී අද පෙරවරුවේ පැවැත්වුනි .
ශ්‍රී ලංකා ගුවන් හමුදාව , මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සංග්‍රාමික මෙහෙයුම්වලට දායකත්වය ලබා දීමට අමතරව භට පිරිස් ප්‍රවාහනය , ප්‍රභූ ප්‍රවාහනය , ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය , අභ්‍යන්තර ගුවන් ගමන් , පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම , වෛද්‍ය ප්‍රවාහන කටයුතු සදහා සහාය දැක්වීම ද සිදු කරති .
මෙම සාම සාධක මෙහෙයුම් රාජකාරී සදහා ශ්‍රී ලංකා හෙලිකොප්ටර් යානා බලඝණයේ නිලධාරීන් 21 දෙනෙකු සහ සෙසු නිලයන් 89 දෙනෙකු මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව යාමට නියමිතය .
ශ්‍රී ලංකා ගුවන් හමුදාව , එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සදහා මේ වනවිට ගුවන් හමුදා සාමාජිකයන් 891 දෙනෙකු අන්තර්ග්‍රහණය කර ඇති අතර , ඒ මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක් මෙරට භාණ්ඩාගාරය වෙත ලබා දීමට කටයුතු කර තිබේ .


COMMENTS