(ෂේන් සෙනෙවිරත්න)

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනාගත් මහනුවර මහාමායා බාලිකා විදුහලේ සමාධි අනුරාධා රණවක සිසුවිය, ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ විශේෂ ඇගයීමට කළේය.

මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට වසර සියයක් පිරීම නිමිත්තෙන් අද (07) පැවැති විශේෂ උත්සව අවස්ථාවේදී ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සමාධි අනුරාධා සිසුවියට විශේෂ ඇගයීම් තිළිණයක් පිරිනැමීය .

මෙම අවස්ථාවට මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මෙනවිය ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතාට සහභාගී වූහ.