IMG-LOGO

සාෆිගෙ පෙත්සම සළකා බලන්න දිනයක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

අසත්‍ය චෝදනා හේතුවෙන් අනියවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිඟ වැටුප් සහ දීමනා ලබා දෙන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සාබ්දීන් මහතා ගොනුකළ රිට් පෙත්සමක් ලබන මාර්තු මස 04 වැනිදාට සලකා බැලීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළේය.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ අද (17) මෙම පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ඒ. එම්. එස්. වීර බණ්ඩාර, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ය.

පෙත්සම්කාර වෛද්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරුන් සදහන් කර සිටියේ තම සේවාදායකයාට එරෙහිව සිදුකරනු ලබන මූලික විනය පරීක්ෂණය කුරුණෑගල මුලික රෝහලේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සිදුකිරිම සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කරන බවය’

වගඋත්තරකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත කළ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා සදහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58 සහ 61 වගන්ති ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිසම හමුවේ පවතින කරුණක් පිළිබදව සොයා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි තමන් වඳ සැත්කම් කළැයි අසත්‍ය චෝදනා එල්ල වූ බව සදහන් කරන පෙත්සම්කරු මේ හේතුවෙන් තමන්ව අනිවාර්ය නිවාඩු යැවූ බවත්, එහෙයින් තමන්ට හිමිවිය යුතු හිඟ වැටුප් සහ දීමනා මෙතෙක් ගෙවා නොමැති බවත් සදහන් කර ඇත. ඒ අනුව එම හිග වැටුප් සහ දීමනා තමන්ට ලබා දෙන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (1)

සාෆිගෙ පෙත්සම සළකා බලන්න දිනයක්

Bunny Preena Friday, 18 February 2022 09:21 AM

අසත්‍ය චෝදනාවක් නම් ඔහුට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ... ඔහුගේ කීර්ති නාමය විනාශ කිරීමට සහ පවුලේ අයට මඩගැසීමට කරපු කුමන්ත්‍රණයක් වගේ මට නම් පේන්නේ... එසේනම් අසත්‍ය චෝදනා ඉදිරිපත් කළ අයට දෙන දඬුවම මොකක්ද? නඩුවකට දෙපැත්තටම සාධාරණයක් සිදුවිය යුතුයිනේ.. ඉතින් මෙම නඩුව මෙහෙයවපු පොලිසියට බැරිද ඒ සම්බන්ධව ක්‍රියාකරන්නට... කවුරු හරි කියන කම් ඉන්න ඕනේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site