IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සිංහල සිනමාවේ අලුත්ම අධ්‍යක්ෂවරිය වින්ධ්‍යා

මේ දිනවල තිරගත වෙන “සික්ස්ටි නයින්” (69) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ඇයයි. රංගන ශිල්පිනියක් තරම් රුවැති මේ අධ්‍යක්ෂවරිය නමින් වින්ධ්‍යා හාරිස්පත්තුවයි. සිංහල සිනමාවේ ඉතාම අතළොස්සක් වන චිත්‍රපට අධ්‍යක්ෂවරියන්ගේ භූමිකාවට පණ පොවන මේ රුවැත්තිය “රසවින්දන” හමුවේ කතා කළේ ඉතාම ආසාවකින් හා කැමැත්තකිනි. මේ ඇය සමඟ කළ කතාබහේ ලිඛිත සටහනයි.

“මම පොඩි කාලයෙ ඉඳලම ආසාවක් තිබුණු දෙයක් තමයි චිත්‍රපට කලාව. පොඩි කාලේ ඉඳලම හරියට මම චිත්‍රපට බැලුවා. නිළියක් වෙන්න හැමෝටම පුළුවන්. සමාජ මාධ්‍යවල හරියට නිළියෝ දැකගන්න පුළුවන්. ඒත් අධ්‍යක්ෂණය කියන්නෙ ලොකු පරාසයක්. අභියෝගාත්මක දෙයක්. මම කැමති ලේසියෙන් ළංවෙන්න බැරි දේවල් කරන්නයි. කුඩා කාලයේ ඉඳලම ඒ අභියෝගාත්මක දේවල්වලටයි මම කැමති. කැමරාව ඉස්සරහ “ඇක්ෂන් කට්” කියලා රඟපානවාට වඩා ලොකු කට්ටියක් මෙහෙයවමින් හරි රසවත්ව කරන දෙයක් චිත්‍රපටයක් නිර්මාණය කරන එක. ඒක අභියෝගාත්මක නිසාම මම එය කරන්න කැමතියි.

“මම මීට පෙර ප්‍රංශයේ පැවැත්වෙන “කෑන්ස් සිනමා උළෙලේ” කෙටි චිත්‍රපට අංශයට චිත්‍රපට 2 ක් අධ්‍යක්ෂණය කර ඉදිරිපත් කළා. පළමු කෙටි චිත්‍රපටය රිචඩ් මානමුදලි ප්‍රධාන චරිතය රඟපෑ “Untold story of An Anatomist”. මිනී එම්බාම්කරුවකුගේ කතාවක් එයට පාදක වුණේ. දෙවැනි කෙටි චිත්‍රපටය කළේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ කතාවක් වන “Let him sleep” කියලා. ඒකට නයනා හෙට්ටිආරච්චි තමයි ප්‍රධාන භූමිකාව කළේ.මගේ පළමු වෘතාන්ත චිත්‍රපටය විදිහට අභියෝගාත්මක අසම්මත කතාවක් ඉදිරිපත් කළේ. . මම මුල ඉඳලම කිව්වේ අභියෝගාත්මක දේවල්වලට තමයි කැමති කියලා. මගේ කෙටි චිත්‍රපට දෙකත් එහෙමයි. මට ආසයි වෙනත් වෙනත් විදිහේ මාතෘකාවලට අතගහන්න. ඉස්සරහට මම ප්ලෑන් කරලා තිබෙන්නෙත් වෙනස් විදිහේ දෙයක්.“සික්ස්ටි නයින්” (69) චිත්‍රපටයෙන් මා කතා කරන්නේ ආදරය ගැනයි. ආදරය කියන්නේ මානුෂික අවශ්‍යතාවක්. කාටවත් කරදරයක් නැතුව ඒ මානුෂීය අවශ්‍යතාවය සපුරා ගන්නවා නම් ඒක සමාජයට හෝ කාටවත් ප්‍රශ්නයක් නොවෙයි. ඒ ගැන කතා කරන්න මම දෙපාරක් සිතුවේ නෑ.

ලංකාව වගේ රටක කාන්තාවකට කලා ක්ෂේත්‍රය ඇතුළේ අභියෝගයක් නෑ කිව්වොත් ඒක බොරුවක්. අදටත් රැයකට කාන්තාවකට එළියට බැහැලා යන්න අමාරුයි. අධ්‍යක්ෂණය කර්තව්‍යයේ දී අපට වෙලාවක් නෑ. අව්වක් නෑ. වැස්සක් නෑ. ඒක ලොකු අභියෝගයක්. මුළු ජීවිතයම කැප කරන්න ඕන දෙයක් තමයි අධ්‍යක්ෂණය කියන්නෙ. පිටපත ලිව්වෙත් මමයි. පිටපතේ ඉඳලා ගහක් දලු දාලා වැඩෙන තුරු ඒකත් එක්ක ඉන්න ඕන වැඩක්. එතකොට පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ කැප කරන්න ඕනේ. ඒකත් එක අභියෝගයක්. අපි බොහෝ වෙලාවට වැඩ කරන්නේ පිරිමි ගොඩාක් එක්කයි. ඒ අයත් එක්ක ඈතින් ඉඳන් වැඩ කරන්න බැහැ. නිර්මාණාත්මක කාර්යයේ දී අපි හැමෝගෙම අදහස් කැටි කරගන්න ඕනේ. සහෝදර පෙමින් එකමුතුව සහයෝගයෙන් වැඩ කළ යුතුයි.

මම නවක අධ්‍යක්ෂවරියක්, කාන්තාවක් කියලා නොදැනෙන්න හැමෝම මට උපරිම සහයෝගය දුන්නා. ඒක ඉතාම වටිනවා. අපි හරියට ශක්තිමත් නම්, ක්ෂේත්‍රය ඇතුළේ හොඳ සොල්දාදුවෙක් නම් අපට හොඳම සටන් කරන්න පුළුවන්. මා කියන්නේ නිර්මාණකරුවකු විදිහට. තමන් හරියට වැඩ කරනවා නම් කා ළඟවත්, නැවෙන්නවත්, සුරතලියක් වෙන්නවත් අවශ්‍ය නෑ. ශක්තිය කියන දේ නැතිවුණාම තමයි කාන්තාව ඔය වගේ නැවෙන්නේ. තමන්ගේ පෞරුෂය, අධ්‍යාපනය, ප්‍රායෝගිකත්වය හදාගෙන ගැහැනියකට තනියෙන් නැගී සිටින්න පුළුවන්. මා දකින්නේ ඒක තමයි.

අපේ රටේ දැන් තිබෙන ප්‍රදර්ශන රටාව නිර්මාණකරුවකුට සිදුවන ලොකු අසාධාරණයක්. සමහර වෙලාවට චිත්‍රපටය කරලා අවුරුදු 2 – 3 බලාගෙන ඉන්න ඕනේ. අපටත් ඒ දේම සිදුවුණා. අනෙක ලංකාවේ සිනමා කර්මාන්තයක් නෑ. ඒ වගේ ක්‍රමවේද හැදීම අනිවාර්යෙන්ම සිදුවෙන්න ඕනේ. දැන් පසුබෑමට ලක්වුණාට ලංකාවේ සිනමාව ගොඩාක් ඉදිරියෙන් තිබුණේ. එය යළි අපි හදාගත යුතුයි.

මගේ එකම අරමුණ ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යාමයි. ලංකාවේ සිනමාවට අන්තර්ජාතික ප්‍රේක්ෂකයන් හැදෙනවා නම් ඒක තමයි මා බලාපොරොත්තු වෙන්නේ. මගේම නිර්මාණයකින් ඒ තැන හදා ගැනීමයි මගේ ඉලක්කය වී තිබෙන්නේ.ලංකාවේ චිත්‍රපටයක් කරද්දී නිෂ්පාදකයෝ ගොඩාක් වෙලාවට හිතනවා, මෙයාට මේ දේ කරන්න පුළුවන්ද කියා. කාන්තාවක් කියලා එහෙම අවිශ්‍වාස කරන එක වැරැදියි. වැඩක් භාරදෙන විට දක්ෂතා පෙන්වලා තිබෙනවා නම් නිර්මාණාත්මක කාර්යයේ දී බය නැතුව එක්වෙන්න කියලයි මා ඉල්ලන්නේ. කාන්තාවක්ද පිරිමියෙක්ද කියලා හිතන්නේ නැතුව, ඔහු හෝ ඇය දක්ෂ නම් අත දෙන්න කියලයි නිෂ්පාදකවරුන්ගෙන් මා ඉල්ලන්නේ.”

සමන්ත යහම්පත්

 

 

 

 



අදහස් (0)

සිංහල සිනමාවේ අලුත්ම අධ්‍යක්ෂවරිය වින්ධ්‍යා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහනුවරට මහ වැසි
2025 අප්‍රේල් මස 25 245 0

මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.


ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
2025 අප්‍රේල් මස 25 184 0

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 519 3

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 29 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 220 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 634 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 771 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 522 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site