(යොහාන් භාසුර)
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.
එම ටෙන්ඩරයට සැපයුම්කරුවන්ට අද (29) සිට දින හතක් තුළ මිල ගණනන් ඉදිරිපත් කළ හැකි බවත් එම සහල් ලබන මස මැද වන විට මෙරටට ආනයනය කළ යුතු බවත් සමිත පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
නාඩු සහල් ගෙන්වන විට ඉතා හොඳින් සකස් කළ නාඩු සහල් ගෙන්වන්න රජය වග බලාගත යුතුයි... බත පිසලා ඉක්මණින් පිළුණු වෙන බත් ඇට එකිනෙක ඇලෙන, ගුලි ගැහෙන ගල් වැලි තියෙන සහල් ගෙනාවොත් රජයට විශාල අපකීර්තියක් එල්ල කරන්න විශාල පිරිසක් ඉන්නා බව අමතක නොකළ යුතුයි. අනික ඔය ගේන සහල් වලිනුත් වෙළඳ පොලේ එක එක ජිල්මාට් දාන්න මෝල් හිමියන්ටයි, තොග වෙළෙන්ඳන්ටයි ඉඩ නොතබා කෙලින්ම සාධාරණ ලෙස ජනතාව වෙත ලබාදීමට රජය කටයුතු කළ යුතුයි...
එක සහල් ඇටයක් පිටරටින් ගෙන්වන්නේ නැහැ. කා විසින් කාහට කියන ලද්දක්ද සහෝදරවරුනි?