IMG-LOGO

සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ඇහැලියගොඩ ආරියවංශ පැල්පිට)


ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල පරිශ්‍රයේදි ආරම්භ විය.

සමගරමු පළාත් ප්‍රධාන ලේකම් සහ ජාතික සිසු තත්ත්ව කව සම්මේලනයේ සභාපති මහින්ද එස් වීරසුරිය මහතා ප්‍රධාන ආරාධිතයා විය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද ආදි පළාත්වල පාසල් දෙසීයකට අධික සංඛ්‍යාවකින් සිසු දරු දැරියෝ ඊට එක්ව සිටියහ. තරග ඉසව් එකොළහක් පැවැත්වෙයි.

මෙම ජාතික සම්මේලනයේ දී දස්කම් දක්වන සුසු දරු දැරියන් සහ ගුරුභවතුන් 150ක් පමණ දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේනයට සුදුසුකම් ලබති.

සුදුස්සන් තේරීමේ විනිශ්චය මණ්ඩලය විශ්ව විද්‍යාල මහාචාර්යවරු, ආචාර්යවරු, අධ්‍යාපන ක්‍ෂෙත්‍රයෙ ප්‍රවීනයන්ගේ සමන්විතය. 07දා තෙක් සම්මේලනය පැවැත්වෙයි.

විෂ්‍යානුගත අධ්‍යාපනයට අමතරව පාසල් දරුදැරියන්ගේ හැකියා සහ කසලතා ඔප් නංවා ගැනීමටත් ලෝකයේ රටවල් පහළොවක සිසු දරුදැරියන් සමග සිය අත්දැකීම් බෙදා හදාගන්නටත් මෙම සිසු තත්ත්ව කව වැඩසටහන් මගින් හිමිවෙයි.

සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් ජාතික සිසු තත්ත්ව කව සම්මේලනයේ අප සභාපති චාමර බමුණුආරච්චි, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අධක්‍ෂ නෙවිල් කුමාරගේ, සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා දර්ශනි ඉද්දමල්ගොඩ යන මහත්ම මහත්මින් ඇතුලු නිලධාරින් පිරිසක් ආරාධිතයන් ලෙස එක්විය. 

මෙම ජාතික සිසු තත්ත්ව කව සම්මේලනයේ සත්කාරකත්වය සහ සංවිධානය සබරගමු පළාත් සභාව ලබාදයේ සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිහාල් වසන්ත හෙට්ටිආරච්චි මහතා වැඩසටහනේ සම්බන්‍ධීකාරත්වය දරයි.



අදහස් (0)

සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 558 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site