IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


සංස්ථා ලුණු මිල පහළට

(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)

අයඩින් මිශ්‍ර ලක් ලුණු ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 20කින් සහ කිලෝ ග්‍රෑමයේ කැටලුණු පැකට්ටුවක් රුපියල් තිහකින් පහළ හෙලීමට කටයුතු කර ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී නන්දන තිලක මහතා සඳහන් කළේය.

පසුගිය දිනවලදී 400g ක මේස ලුණු පැකට්ටුවක් රුපියල් 120 කට අලෙවූ වූ අතර එය රුපියල් 100ක් දක්වාත් කිලෝග්‍රෑම් එකක කැටලුණු පැකට්ටුවක් එකසිය අසූවට අලෙවූ අතර හෙට සිට රුපියල් 150 ක මිලකට ලබා ගැනීමට හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම සතොස හරහා අලෙවි කිරීමට ග්‍රෑම් 400ක විශේෂිත ලුණු පැකට්ටුවක් හඳුන්වා දී ඇති අතර සතොස මගින් එම ලුණු පැකට්ටුව රුපියල් අනූවක මුදලට ලබා ගැනීමට හැකි බවද ඔහු කීය.

හම්බන්තොට මහලේවාය බූන්දල ලේවාය සහ පලටුපාන ලේවා යන ලේවා ත්‍රිත්වය මේ වන විට යල් කන්නේ ලුණු නෙළීම ආරම්භ කර ඇති බැවින් පාරිභෝගික ජනතාවට යම් සහනයක් සැලසීමේ අරමුණෙන් ලුණු මිල පහළ හෙළීමට කටයුතු කර ඇත.



අදහස් (1)

සංස්ථා ලුණු මිල පහළට

ravin Wednesday, 20 August 2025 06:25 PM

වැඩේ හොඳයි. හැබැයි ඕවා ගන්න ලේවායටම යන්න ඕනෑද? වෙළඳපලේ නම් සංස්ථා ලුණු නැහැ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 1681 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 183 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 172 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site