(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවක සුහද හමුව සඳහා පාර්ලිමේන්තුවේ බස්රථ යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භවී ඇත.
මෙම පරික්ෂණය පවත්වනු ලබන්නේ පාර්ලිමේන්තුවෙන් බාහිර කණ්ඩායමක් විසිනි.
පෞද්ගලික සාද සඳහා රජයේ දේපළ යොදා ගැනීම බරපතළ වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වැරදිකරුවන්ට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව අගමැතිවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහසවීඇත.
මේ සම්බන්ධයෙන් එම විමර්ශන කණ්ඩායම පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ ප්‍රධානීන්ගෙන්ද කරුණු විමසීමට නියමිතය.
පාර්ලිමේන්තු සේවක සුහද හමුවට සහභාගි වූ සේවක පිරිසක් රැගත් පාර්ලිමේන්තු බසයක හැපීමෙන් වැලිවේරිය පොලිසියේ සැරයන් වරයෙක් මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා ජීවිතක්ෂයට පත්විය.
එහි රියැදුරු අධික බීමතින් එම බස් රථය පදවා තිබූ බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී තිබුණ.
අගමැතිවරයා මෙම පරීක්ෂණය පැවැත්වීමට තීරණය කළේ එම සිද්ධියෙන් පසුවය.
මේ අතර පාර්ලිමේන්තුවේ බස්රථ අවිධිමත් සහ නාස්තිකාර ආකාරයට පාවිච්චි කරන බවට ලැබී ඇති පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සේවක සාදයට පාර්ලිමේන්තු බස් යොදා ගැනීම ගැන පරීක්ෂණයක්