(ගයාන් සූරියආරච්චි)
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවූ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශවලට අනුව සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් දා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව රැදවුම් නියෝග මත සුරේෂ් සලේ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සිදුකෙරන අතරවාරයේ සලේ මහතාගේ කන ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත.
සුරේෂ සලේ මහතා බැලීම සදහා පවුලේ සාමාජිකයන් අවසර ඉල්ලා ඇති මුත් ඒ සදහා අවසර ලැබී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ අධිකරණයට දැනුම් දීමෙන් අනතරුව මහෙස්ත්‍රාත්වරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ දන්නැති හින්දා අහන්නේ, සැකකරුවන්ගේ මානුෂික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අදාළ ආයතනය හා රාජ්‍ය නොවන සංවිධාන තිබ්බා නේද? දැන් ඒවා නැද්ද?
රනිල් වෙනුවෙන් පෙනී හිටපු දොස්තරලා සහ නීතීවේදියෝ හිටියා නම් ගොඩේ ගොඩ...
සැහෙන පරක්කුයිනේ. සාමාන්‍යයෙන් ගිය ගමන්මනේ ලෙඩ වෙන්නේ ;)
කලු ඇඳගෙන සුදු ඇවිදින්. කනේ අමාරුවට සැකකරුවොත් රෝහල් ගත කළාම ඒක මානුෂික අයිතිවාසිකම් කඩ වීමක්ද, එහෙම නැත්නම් මානුෂික අයිතිවාසිකමට ගරු කිරීමක්ද කියලා තෝරා ගන්න බැරිවීම කණගාටුවට කරුණක්...
මතක හැටියට ශානි අබේසේකර මහත්තය අසනිප වෙලා රිමාන්ඩ් එකේ ඉන්නකොට ඔහුව රෝහලකට අරින්න බලධාරිනි අදිමදි කළා. ඔහු වකුගඩු රෝගියෙක්..., හද සැත්කමක් කරලත් ඔහුව රෝහලේ තබා ගත්තේ දින කීපයයි රිමාන්ඩ් එකට එව්වා. කෙසේ වෙතත් සලේට වෛද්‍ය පහසුකම් දිය යුතුයි.
ලයන්, ඔයා කියන්නේ වලන් ශානි ගැනද ?
විපරමා නෙමේ වපරමා
කණට ගහ ගහ ප්‍රශ්න කරල කියල හිතුනෙ මගේ ගොන් කමටද මංදා.... @Amal ගිය ගමන් ලෙඩ වෙන්නේ ප්‍රභූ පැලැන්තියනෙ. සලේ කියන්නෙ සාමාන්‍ය කෙනෙක්. කනට ලැබුණු සාත්තුවට අනුව තමයි වෙලාව තීරණය වෙන්නෙ.!
ලංකාවේ ඉන්නේ මුල අමතක නැති කුහකයෝ