(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ මුදල් මුද්‍රණය කිරීමේ ප්‍රමාණය සීග්‍රයෙන් පහත වැටී ඇතිබව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.
මුදල් අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ සමාජයේ ප්‍රසාරණය වන මුදල් ප්‍රමාණය බව ඔහු පෙන්වා දුන්නේය.
2021 වසරේ රුපියල් බිලියන 341 ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් සමාජයේ ප්‍රසාරණය වී ඇති අතර එය මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රුපියල් බිලියන 47 ක් දක්වා අඩු වී ඇති බව නන්දලාල් මහතා පෙන්වා දුන්නේය.
එසේම ණය ලබාගෙන තිබෙන පුද්ගලයන්ට සහනයක් සපයන ලෙස බැංකු වලට දැනුම් දී ඇති බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.ණය ලබා දෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් බැවින් ණය ලබා ගත් පුද්ගලයන් මෙන්ම බැංකුවද ආරක්ෂා විය යුතු බවද මහ බැංකු නිලධාරීහු ප්‍රකාශ කළහ.
ප්‍රතිපත්ති පොළී අනුපාතයට වඩා වෙළඳපොල පොළී අනුපාතය ඉහළ මටට්මක පවතින බවත් එයට හේතු කිහිපයක් බලපාන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.ප්‍රතිපත්ති පොළී අනුපාතය පහළ යන විට වෙළඳපොල පොළී අනුපාතය පහළ නොගියහොත් එය නියාමනය කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.
ලබන වසරේදී උද්ධමනය තවත් පහළ යනු ඇතැයි මහ බැංකුව බලාපොරොත්තු වන බව නන්දලාල් මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
එතකොට ඇයි මේ බඩු මිල ඉහල යන්නේ.?
කොළ වලට කකුල් ඇවිත් නිකන්ම ප්‍රින්ට් වෙන එක නවත්තන්න ක්‍රියා කරපු ඔබට හා රජයට අපේ ප්‍රණාමය..
මෙය නම් වචන සෙල්ලමකි. මුදල් අච්චු ගැසීම යනු මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගැනීමයි .සමාජයේ සංසරණය වන මුදල් ප්‍රමාණය යනු වෙනකකි .මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන එය ද්වීතීය වෙලඳපොලේ විකිණීමෙන් මුදල් අච්චු ගසමින්ම සමාජයේ සංසරණය වන මුදල් ප්‍රමාණය අඩු කල හැක .නමුන් ඉන් වන්නේ පොහොසතුන් තවත් පොහොසත් වීම හා දුප්පතුන් තවත් දුප්පත් වීමයි නන්දලාල් වචන හරඹයකින් හංගා ඇත්තේ එය නොවේ යැයි පතමු එය වුවද එසේ කිරීම හැර වෙන විකල්පයක් නැත
සල්ලි අච්චු ඩොලර් සංචිතේ සල්ලි තියෙන්න එපැයි.
මෙයා මහ බැංකු අධිපති වුනා කියල සහ රනිල් ජනාධිපති වුනා කියලත් රටේ අර්බුදය විසඳන ලකුණු නම් නැහැ. දිනෙන් දින දෙදනාම නිවේදන නිකුත් කරනවා මිස කරපු දෙයක් නැහැ.