IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ  සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන් නැතහොත් එයට වගකිව යුතු පුද්ගලයන් කවුද කියලා හදුනා ගැනිම සදහා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙකුගේ සහ ලේකනාධිවරයෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා යැයි  සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා අද (02) දා සවස පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය

මිය ගිය සිසුවා මාර්ගගත ක්‍රමයට ඉගෙනුම ලැබු චරිත් දිල්ශාන් නැමති දරුවා ඉකුත් 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දිවි හානිකරගෙන තිබෙන බවට වාර්තා වුණා. 

මෙම සිද්ධිය පොලිසිය වාර්තා කළ පසු ඊට සම්බන්ධ පුද්ගලයන් කවුද කියන ඊට වගකිව යුතු පුද්ගලයන් කවුද කියලා හදුනාගෙන ඒ සඳහා ගනු ලබන  විනිය ක්‍රියාමාර්ග මා වෙත නිර්දේශ කරලා අවශ්‍ය වාර්තාව සපයන්න කියලා එම කමිටුවක් පත් කළේ.

මෙම කමිටුවෙි මුලික විමර්ශන වාර්තාව මා වෙත හැකි ඉක්මනින් ලබා දෙන ලෙසට මා ලිපියක් මගින් ඔවුන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ඒ කමිටුව රැස්වෙලා අදාල කටයුතු කටයුතු කරන බවට මා වෙත වාර්තා වෙනවා.මෙි අතර පොලිසිය විසින් වෙනම විමර්ශනක් සිදු කරනවා. විශ්වවිද්‍යාල පනත අනුව විශේෂයෙන්ම නවක වඳය සමිබන්ද විභාග කරන්න පනතක් තිබෙනවා.ඒ පනත අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙි චක්‍රලේක අංක 946 නවක වදය පාලන කිරිමෙි පනත යටතේ ඒ සදහා ලබා දිය හැකි දඩුවම් මොනවද කියලා අප වෙත ලබා දෙයි කියලා අප විශ්වාස කරනවා.

ඒ අනුව අපි කඩිනමින් අදාළ පියවර ගැනිමට කටයුතු කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය .

 



අදහස් (0)

‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 214 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 445 1

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 629 1

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජන්ද මධ්‍යස්ථාන 13759 ක් සකස් කිරීම අද ඇරඹෙයි
2025 මැයි මස 05 130 0

පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි
2025 මැයි මස 05 1704 1

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම


අද කාලගුණය
2025 මැයි මස 05 78 0

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 681 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1205 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site