බිඟුන් මේනක ගමගේ
සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතු ජාතික හෙළ උරුමය සඳහන් කරයි.
ජාතික ආරක්ෂක පියවරක් හැටියට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ කඩින්කඩ මැතිවරණ පැවැත්වුවත් දැන් එවැනි අවශ්‍යතාවක් නැතැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ලංකාදීප යට කීය.
පළාත් සභා මැතිවරණය පමාවේ වගකීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරමතට ගත යුතු නැතැයි කී හෙතෙම එය සමස්ත පාර්ලිමේන්තුවේ වගකීමක් යැයි ද අවධාරණය කළේය.
මැතිවරණ පැවැත්වීමේ වගකීම නිසා පළාත් සභා මැතිවරණ පමාව ගැන මහින්ද දේශප්‍රිය මහතාට සාධාරණ වේදනාවක් ඇතත් ඊට නිශ්චිත ක්‍රමවේදයක් සැකැසීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසීය විසි පහේ කාරියක් යැයි ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.
එනිසා මහින්ද දේශප්‍රිය මහතා කොමිසමේ සභාති ධුරයෙන් අස්වීමෙන් ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙන්නේ යැයි ද වර්ණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතුයි’