IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සමෘද්ධි බැංකු විගණනයට යටත් කරන්න නියෝගයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න  )

සමෘද්ධි  බැංකු  කාලයක් තිස්සේ  විගණකාධිපතිවරයාගේ විගණනයට යටත්වී නොපවතින හෙයින්  වහාම එම බැංකුද විගණනයට යටත් කිරීමට  පියවර ගන්නා ලෙස    රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව ) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සමෘද්ධි බැංකු සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ ඇති බැවින්  ඒවා   විගණනයට යටත් කිරීම  සුදුසු බව විගණකාධීපතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මත දෙකක් පවතින හෙයින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි සමෘද්ධි  සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  සමෘද්ධිලාභීන්ට මාලු දැල් ලබාදීමේදී  විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇතැයි තොරතුරු අනාවරණයවූ  බව කෝපා කමිටුව පවසයි.

මීට සම්බන්ධ ප්‍රාදේශීය ලේකම්වරයා සහ සමෘද්ධි නිලධාරීන් ඇතුළු නිලධාරීන්ට දඩුවම් හිමිවියයුතු බැවින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කිරීමට එම අමාත්‍යාංශ  ලේකම්වරයාට ලිපියකින්  දන්වන බව කෝපා සභාපතිවරයා පැවසීය.

ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සමෘද්ධිය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය 26 වැනිදා  කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

දෙපාර්තමේන්තුවට  2023 අප්‍රේල් 30 වනවිට 22646 ක් වූ සමස්ත සේවක සංඛ්‍යාවෙන් 17512 දෙනකු අන්තර්ග්‍රහණය කර ඇතත් ඉතිරි පිරිස අන්තර්ග්‍රණය කිරීම ප්‍රමාද වීම සහ නිලධාරීන් 3027කට විධිමත් පත්වීම් ලිපි ලබාදී නොතිබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ. 2015 වසරේ කැබිනට් තීරණයක් අනුව මෙම නිලධාරීන්ගේ පත්වීම් හා විනය බලධරයා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ලෙස සැලකීම නිසා මෙම අනුමත කිරිම්  කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවද නැතහොත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවද යන්න ගැටලු සහගතවූ බව නිලධාරීහු පැවසුහ.

මේ අනුව මෙම නිලධාරීන්ගේ බදවා ගැනීම හා උසස්වීමේ පටිපාටි  රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමතියට යොමුකිරීමට පියවර ගෙන ඇති බවද  එම නිලධාරීහු සඳහන් කළහ.

එසේම දේශපාලනික කරුණු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ යම් අපහැදිළිතා නිර්මාණයවී ඇති බැවින් කඩිනමින් එම ගැටලු විසදා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.

සමෘද්ධි බැංකු පද්ධිතිය පරිගණකගත කිරීමේ වැඩපිළිවෙල පිළිබදවද අවධානය යොමුවිය. මෙහිදී සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම ක්‍රියාවලිය දැනටමත් දිස්ත්‍රික්ක පහක ආරම්භ කර ඇති බවයි. මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට බැංකු ජාලගත කිරීම අවසන් කරන බවද   ඔහු සඳහන් කළේය.

සමෘද්ධි  සංවර්ධන  දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලබන වසරේ ජනවාරි මාසයේදී කෝපා කමිටුව හමුවට නැවතත් කැඳවීමට මෙහිදී තීරණය කෙරිණ

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  මනෝ ගනේශන්, ඩී.වීරසිංහ,  ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහුද  සභාපතිවරයාගේ අවසරය මත  රාජ්‍ය අමාත්‍ය  අනුප පැස්කුවල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි යන මහත්වරුද  සහභාගිවූහ



අදහස් (2)

සමෘද්ධි බැංකු විගණනයට යටත් කරන්න නියෝගයක්

සමුර්ධිකා Wednesday, 31 May 2023 05:11 PM

පත්වීම් කවුරු දුන්නත් වැටුප් හා දීමනා ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලේ මුදල්වලින් නම් (ජනතා මුදල්) අනිවාර්යයෙන් විගණකාධිපති විසින් විගණනය කරන්නම ඕනෑ.

:       0       4

Willow Drive Thursday, 01 June 2023 07:29 AM

අළුබෝමුල්ල ශාඛාව ඉන් එකක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site