
(රෝෂන් තුෂාර)
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාට අයත් කොස්ගම, ශාලාව පුහුණු කඳවුර පරිශ්‍රයේ ඇති බවට හෝ යුද හමුදා මූලස්ථානය, අකුරණ යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කිරීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් අසත්‍ය,ද්වේශ සහගත ,අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වළක්වමින් මාධ්‍යවේදියකුට හා යුද හමුදාවේ සොල්දාදුවන් දෙදෙනකුට එරෙහිව කොන්දේසි සහිත ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නිකුත් කළේය.
යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන විතාරණගේ තුෂාර සාලිය රණවක සමාජ ක්‍රියාකාරී මාධ්‍යවේදියාට හා ශාලාව හමුදා පුහුණු කඳවුරේ සොල්දාදුවන් වන හෙට්ටිආරච්චි හා නුවන් යන අයට මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබන 10 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට විත්තිකරුවන්ට නොතීසිද නිකුත් කළේය.
කොස්ගම ශාලාව හමුදා පුහුණු කඳවුර පිළිබඳව දැනට යූටියුබ් නාලිකා වල හා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළකර ඇති ප්‍රකාශ හා වීඩියෝ දර්ශන තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වමින් වාරණ නියෝගයක් හා,නැවත උඩුගත කිරීම වළක්වමින් නියෝගයක් ද විත්තිකරුවන්ට නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් හිටපු නීතිපති, ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තොරතුරු සමාජගත කරමින් සිටින බවය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සමාජ මාධ්‍යවේදියකුට, හමුදා සෙබළුන් දෙදෙනකුට ආඥාවක්
Gihan Tuesday, 10 December 2024 02:30 AM
ත්‍රස්ත විරෝධී පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයම...