IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සමහර ඇමතිවරුන්ට ජනපති අරමුදලින් සල්ලි දුන්නු එක පිනක්

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අරමුදලින් සල්ලි ගත්තු සමහර ඇමතිවරු ඇත්තටම මුදල්  අමාරු අය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.

ඒ අය ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ දහය ලක්ෂ විස්ස ලක්ෂ තිහ වශයෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ඒ අයට ආධාර කළ එක හොඳ බවද සඳහන් කළේය.

සමහර මැති ඇමතිවරුන් බලය පාවිච්චි කර ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 2300 400 ගත්ත එක වරදක් බවත් එය මුදල් අවභාවිතාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය 

සල්ලි තියෙන මැති ඇමතිවරුත් එතනින් මුදල් ලබාගෙන තිබූ බවත්  තමා එම අරමුදලින් සත පහක් ලබාගෙන නැති බවත් දිසානායක මහතා පැවසීය.

නමුත් හෘද රෝගීන් වකුගඩු රෝගීන් වෙනුවෙන් තමා මැදිහත්වී එම අරමුදලින් මුදල් ලබා ගෙනදී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා සාමාන්‍ය මිනිස්සුන්ට එම අරමුදලෙන් මුදල් නිකුත් කරන්නේ හෑලි මෑලි විදියට බවද ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරමුදලෙන් මුදල් දින කිහිපයක් ඇතුළත නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ බවත් එයාගේ කළ යුතු බවත්  ඔහු පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.



අදහස් (4)

සමහර ඇමතිවරුන්ට ජනපති අරමුදලින් සල්ලි දුන්නු එක පිනක්

විදුර Thursday, 26 December 2024 01:32 PM

වෙල්ලස්සේ බූරුවා...

:       13       1

Lakmal Thursday, 26 December 2024 02:06 PM

තොපි වගේ ගොන්නු මෙච්චර කල් නඩත්තු කරාට අපිට කොහොම පින් ලැබෙන්න ඕනිද?

:       12       1

දීපාල් Thursday, 26 December 2024 03:59 PM

මෙයා ගැන තව හෙව්වනම් හොඳයි වගේ ... හොරුන්ගෙ පුරුද්දක්.... අහුවෙන්න ඉස්සෙල්ල වෙන පැත්තකට ලනුව දීල බලන එක...

:       12       1

Nishan Sunday, 29 December 2024 11:51 AM

මේ ආණ්ඩුවේ මැති ඇමැතිලා මේකෙන් මුදල් නොගෙන ඉඳීවිද? මොකද එයාලා පඩි ගන්නෙත් නැති නිසා අනිත් හැමෝටම වඩා මුදල් අමාරුකම් ඇත්තේ එයාලාටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site