IMG-LOGO

සාම්පූර් සූර්ය බලාගාර ගිවිසුමට අත්සන් තබයි

(තුෂාර සිල්වා සහ යොහාන් භාසුර)

සාම්පූර් හි සූර්ය බලශක්ති බලාගාරය ආරම්භ කිරීම සඳහා වන ඒකාබද්ධ/හවුල් සංවර්ධන ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී අද  (11) පස්වරුවේ සිදු කෙරුණි.

ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාපිත සමාගම සහ ලංකා විදුලි බලය අතර මෙම ඒකාබද්ධ සංවර්ධන ගිවිසුමට අත්සන් තැබිණි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුමට අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

අමාත්‍යවරුන්‌ සිවුදෙනකුගේ ප්‍රධානත්වයෙන් ගිවිසුමට අත්සන් තැබුණු බව මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබිණි. 



අදහස් (1)

සාම්පූර් සූර්ය බලාගාර ගිවිසුමට අත්සන් තබයි

chandima Friday, 11 March 2022 10:14 PM

ඉන්දියාව බලන් ඉන්නවා.. රට වැටෙන්න ඇරලා හිඟාකන ගාණට වැටුණාම අපේ නිෂ්පාදන, ව්‍යාපාර, සහ සේවාවන් අල්ලගන්න. අරයා බලන් ඉන්නවා ආර්ථිකය වැටිලා හිඟාකන ගාණට ආපුවාම ලෝක බැංකුවට, නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියලා රටේ බලය ලබාගන්න. අනේ අපට වූ දෙයක්...

:       1       81

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 171 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 486 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site