IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සමානුපාතික ක්‍රමය අනුගමනය ක‍ළොත් කාන්තා නියෝජනය අර්බුදයක

(බිඟුන් මේනක ගමගේ) 

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අරමුණෙන් පැරැණි සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීමට ගියහොත් කාන්තා නියෝජනය වැඩි කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අර්බුදයට යනු ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ( සී.එම්.ඊ.වී) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

පැරැණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් හය දෙනෙකු පමණ සිය මනාපය පළ කර ඇති නමුත් එමගින් කාන්තා නියෝජන ප්‍රතිපත්තියට අත්වන ඉරණම ගැන තීරණයක් ගෙන නැතැයි ද ගජනායක මහතා කීය.

මනාප ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් මිශ්‍ර මැතිවරණ ක්‍රමයේ අන්තර්ගත කාන්තා නියෝජනය අහෝසි වන්නේදැයි පැහැදිලි කරන ලෙස ඉල්ලා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පක්ෂ නායකයින් වෙත දැනටමත් ලිපියක් යොමු කර ඇතැයි ද ගජනායක මහතා සඳහන් කළේය.

මැතිවරණ ක්‍රමය වෙනස් කළ ද නොකළ ද මැතිවරණ පැවැත්වීමට ගතවන කාලයෙහි වෙනසක් නොවන්නේ යැයි ද පරණ ක්‍රමයට යන්නේ නම් පවතින ක්‍රමය අවලංගු කරන බවට හා අලුතින් යම් ක්‍රමයක් අනුගමනය කරන බවට වෙන වෙනම පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

සමානුපාතික ක්‍රමය අනුගමනය ක‍ළොත් කාන්තා නියෝජනය අර්බුදයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site