(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙලේවැව සමෘද්ධි බැංකුවේ ලක්ෂ බැංකු ශාඛාවේ ලක්ෂ 450 කට අධික මුදලක් වංචා කළැයි කියන එම බැංකුවේ ප්‍රධාන කලමනාකරු, මුල්‍ය අයකැමි ඇතුළ හය දෙනා මැයි 26 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ආණමඩුව මහේස්ත්‍රාත් නිමේෂ පටබැදිගේ මහත්මිය නියෝග කළාය.
මෙසේ රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ වෙලේවැව සමෘද්ධි බැංකුවේ කළමණාකරු වන ටි.එම්.සෝමාවති (55) සහකාර කළමණාකරු ඩි.එම් .සමන්සිරි (47) මුදල් අයකැමි එස්.එම්.චමිලා නිලන්ති (53) මුදල් අයකැමි කේ.එච්.එම්.චිත්‍රාවති (60) ගිණුම් ලිපිකරු ඩබ්ලියු. දිමුතු ධනංජය, සහකාර කළමණාකරු එස්.ජී.ශ්‍රීයානන්ද යන එම බැංකු ශාඛාවේ සේවය කළ හය දෙනෙකී.
අදාල සැකකරුවන් විසින් 2018, 2019,2020, සහ 2021 යන වසර වලදී එම බැංකු ශාඛාවේ ගිණුම් හිමියන් විසින් තැම්පත් කර තිබු මුදල් හා ගිණුම් ලාභින් නමට කූඨ ලේඛණ සකසා ණය ලබා ගනිමින් බැංකුවට රුපියල් 45,356,506,00 (හාර කෝටි පනස් තුන් ලක්ෂ හයදාස් පන්සිය හයක මුදලක් සිතා මතා මංචා කිරීමේ චෝදනාවක් එල්ල වී තිබේ.
අදාල සැකකරුවන් විසින් අදාල බැංකු ශාඛවේ ගිණුම් ලාභින්ගේ තැම්පතු මුදල් වංචනික ලෙස ලබා ගෙන බැංකු ශාඛාවේ ගිණුම් ලේඛණ වලින් සුක්ෂම ලෙස ඉවත් කිරීම හා ගිණුම් හිමියන්ගෙ නමට ණය ලබා ගැනිමට සම්බන්ධව අවස්ථා කිපයකදී ගිණුම් හිමියන් විසින් බැංකු ශාඛාව ඉදිරිපිටදි විරෝධතා පවා සංවිධානය කර තිබුනී.
කෙසේ වෙතත් අදාල සිද්දිය සම්බන්ධව මෙම බැංකු ශාඛාවේ පාලක මණ්ඩල සභාපතිවරයා විසින් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිනිල්ලට අනුව අදාල සිදුකල දිර්ඝ විමර්ශනයකින් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත් අඩංගුවට ගත්තේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සමෘද්ධියේ ලක්ෂ 450කට විද්ද හයක් රිමාන්ඩ්
Bunny Preena Saturday, 13 May 2023 09:20 AM
හොරකම, වංචාව, දූෂණය ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් වෙලා...
නිහාල් Saturday, 13 May 2023 09:32 AM
දඹුල්ල කණ්ඩායම සමෘද්ධි බැංකුවේත් මෙහෙම දෙයක් වුණා. ගත් ක්‍රියාමාර්ගයක් නම් නැත...
Always break down Saturday, 13 May 2023 11:51 AM
දේශපාලන උපකාරය නැතුව මේවා කරන්න බැහැ... නියම පොහොට්ටුලා..
විජේකෝන් Saturday, 13 May 2023 01:49 PM
ආච්චිලා සෙට් එකක් දීපු ගේමක්. හැමතැනම හොරු. කවදා මේ රට හොරුන්ගෙන් නිදහස් වෙයිද මන්දා...?
Lalla Sunday, 14 May 2023 01:31 AM
පින්බතාලට දීපු මුදල් පින්පඩිකාරයෙක් හොරාකාල...හරිම ෂෝක් වෘත්තාන්තයක්....