
(සුජිත් හේවාජුලිගේ)
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධාවන තත්වයේ නොපැවති වාහන පහළොවක් සඳහාත් රක්ෂණ වාරික ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.
මෙම මුදල් ගෙවීම කර ඇතැයි පැවසෙන්නේ 2022 / 2023 සහ 2023/ 2024 වර්ෂ වෙනුවෙනි.
මේ ආකාරයට ඵලදායි නොවන වියදම් දැරීම ,ඒවාට බලය දීම, අනුමත කිරීම සහ සහතික කිරීම නොකරන්නැයි ජාතික විගණන කාර්යාලය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
මේ අනුව ධාවන තත්වයේ පවතින වාහන පමණක් 2025 වසරේ සිට රක්ෂණය කිරීමට කටයුතු කරන බව දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විගණන නිලධාරීන්ට දැනුම් දී ඇත.
මේ අතර දෙපාර්තමේන්තුවේ තවත් වාහන කිහිපයක් පෞද්ගලික ගරාජවලට යොමු කිරීම හේතුවෙන් දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් දැරීමට සිදුව ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
එම වාහන කඩිනමින් අලුත් වැඩියා කර ගැනීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසද විගණන අංශ නිර්දේශ කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය
මෙම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉකුත්දා ඉදිරිපත් කෙරිණ.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමෘද්ධියේ කොට උඩ ගිය වාහන 15ටත් රක්ෂණ ගෙවලා
Chinthaka Wednesday, 03 September 2025 05:50 AM
පාවිච්චියට නොගන්නා වාහන සදහා වාර්ෂික ආදායම් බලපත්‍ර ලබාගෙන තියෙනවානම් ඒකත් වරදක් වෙනවා .එහෙම වාහන වෙනුවෙන් පාවිච්චි නොකරන බවට සහතිකයක් ගන්න ඕන