(අජිත්ලාල් ශාන්ත උදය අංජුල මහික වීරරත්න සහ ෂේන් සෙනෙවිරත්න)

ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් අනිද්දා (10) සිට  ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇත.

ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (7) සවස ෆැක්සි මගින් ජනාධිපති කාර්යාලයට යැවූ බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.

සති කීපයක් විදෙස් ගතව සිට යළි දිවයිනට පැමිණි ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉල්ලා අස්වීම යොමු කර ඇති අතර ඊයේ සහ අද දිනවල ටිකිරි කොබ්බෑකඩුව මහතා ආණ්ඩුකාර කාර්යාලයේ රාජකාරි කටයුතුවල නියැලී සිටියේය. 

සබරගමුව නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරියේ දිවුරුම්දීමට බොහෝ විට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. 

ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු බව ජනාධිපති ලේකම්කාර්යාලෙයේ උසස් නිලධාරියෙක් සනාථ කළේය.