ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ අටලයාස් ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 13 දෙනකු මියගිය බවත්, 14 දෙනකු අතුරුදන් බවත් ස්පාඤ්ඤ බලධාරීහු පැවැසූහ.
ගින්න හටගනිද්දී ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ නමැති මෙම රාත්‍රී සමාජ ශාලාවේ පෞද්ගලික උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබුණි.
ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැත. ගින්න ඉතා වේගයෙන්, ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාව පුරා ව්‍යාප්ත විය. එම අවස්ථාවේදී උපන් දින සාදයට පැමිණි පිරිස් කා බී විනෝද වෙමින් නටමින් සිටි බව ද පැවැසෙයි. ගින්න වේලයෙන් ශාලාව පුරා පැතිර යද්දී, එහි සිටි පිරිසට එයින් පිටවීමට නොහැකි විය. ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාවේ වහලය කඩා වැටුණු බව ද පැවැසෙයි.
‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාවට යාබදව ඇත්තේ තවත් සමාජ ශාලා තුනකි. ගින්න ඒවාට ද පැතිර ගිය අතර ගින්නෙන් එම සමාජ ශාලාවලට හානි සිදුවිය.
මුර්සියා නගරයේ නගරාධිපති හෝසේ බැලෙස්ටා මාධ්‍ය හමුවක් පවත්වමින්, ගින්නෙන් ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කළේය. ගින්න හටගෙන ඇත්තේ මහල් කීපයකින් සමන්විත ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාවේ පළමු මහලේය.
ගින්න හට ගනිද්දී උපන්දින සාදයට සහභාගී වී, ගින්නට කොටුවුණු 28 හැවිරිදි තරුණියක සිය මවට දුන් අවසන් ඇමතුම ස්පාඤ්ඤ මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කර තිබේ. ‘අම්මා. මම ඔයාට ආදරෙයි. අපිව ගින්නට කොටුවුණා. අපිට මැරෙන්න වේවි’ යනුවෙන් එම 28 හැවිරිදි තරුණිය අවසන් වරට ඇගේ මවට දුන් එම ඇමතුමේ අඩංගු වෙයි.
(ඒ.එෆ්.පී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ස්පාඤ්ඤ සමාජ ශාලාවක ගින්නක්