IMG-LOGO

ස්පාඤ්ඤය හදිසි නීතිය පනවයි : රටටම ඇඳිරි නීතිය

 

නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත.
 
ස්පාඤ්ඤය මෙලෙස නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ දෙවැනි වරටය.
 
මෙම නව හදිසි නීතිය ලබන මැයි මස මුල ක්‍රියාත්මක වන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් පැවැසීය.
 
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ඒ බව නිවේදනය කළේය.
 
“අපි දැන් මුහුණ දී සිටින තත්ත්වය දරුණු” යැයි එහිදි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. 
 
 
ඇඳිරි නීතිය පැනවීමටත් හදිසි නීතිය පැනවීමටත් තීරණය කර ඇත්තේ ඊයේ (25) උදෑසන පැවැති කැබිනට් හමුවේ දීය. එම කැබිනට් හමුව පැය දෙකහාමාරකට ආසන්න කාලයක් පවත්වා ඇත. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවන්නැයි ප්‍රාදේශීය ආණ්ඩුවලින් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන අතර ඒ අනුව කැබිනට් මණ්ඩලය රැස්වීම මෙම නව ක්‍රියාමාර්ග ගෙන ඇත.

රාත්‍රී ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට පසුදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වන ද ස්පාඤ්ඤ ආණ්ඩුව සඳහන් කළේය.

හදිසි නීතිය තවත් දින 15ක් ක්‍රියාත්මක වන අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව තවත් මාස හයක් සඳහා දීර්ඝ කරගන්නා බව ස්පාඤ්ඤ ආණ්ඩුව නිවේදනය කළේය.


ස්පාඤ්ඤය පසුගිය සතියේදී යුරෝපයේ නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය පළමු රට බවට ද පත්විය.

ඒ.එෆ්.පී.
055



අදහස් (1)

ස්පාඤ්ඤය හදිසි නීතිය පනවයි : රටටම ඇඳිරි නීතිය

asiri Monday, 26 October 2020 04:59 AM

ලබන මැයි මාසේ මුල සිට දානකොට වෙන්න ඕන හරිය වෙලා තියෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site