( ඩබ්ලිව් ඩී ඵමි විතානගේ හා සුදත් පුබුදු කීර්ති )
ගෙවල් බිඳුම් සහ නවතා තිබෙන මෝටර් රථවල මුදල් සොරකම් කිරීමෙ යෙදුන බව කියන " එයාර්ෆෝස් සුද්දා " යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ගුවන් හමුදා හිටපු සෙබළෙක් කළගෙඩිහේන ප්‍රදේශයේදී සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළගෙඩිහේන පුදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සොරකම් සදහා යොදා ගත් මන්නා පිහි තුනක් හා පොල් උලක් පොලිස් භාරයට ගෙන තිබේ.
මාවරමණ්ඩිය , ඔබවත්ත ප්‍රදේශයේ නිවෙසක නවතා තිබු මෝටර් රථයක තිබි සේවක වැටුප් ගෙවීම සදහා රැගෙන ආ රුපියල් හය ලක්ෂ හැත්තැ පන් දහසක මුදලක් ද පමුණුවිල ප්‍රදේශයේ නිවෙසක නවතා තිබු මෝටර් රථයක තිබි රුපියල් තුන් දහස් පන්සීයක මුදලක් ද මෙසේ සොරකම් කර ඇති බව පොලිසිය කියයි.
මොහු ගුවන් හමුදාවෙ සෙබලෙකු ලෙස සේවය කර තිබෙන අතර පසුව ඔහු සේවයෙන් පහ කර ඇතැයි ද පොලිසිය සදහන් කෙළේය. මෙසේ මෝටර් රථවලින් සොරකම් කළ මුදල් මත්කුඩු පානය කිරීමට හා මත්කුඩු ජාවාරම්කරුවන්ට ලබා දී තිබෙන අතර ඒ සමිබන්ධව විමර්ශනය කරන බවත් පොලිසිය කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සපුගස්කන්දේ ගේම් දුන් ‘එයාර්ෆෝස් සුද්දා‘ මාට්ටු