IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


සීනි බදු වංචාව ගැන කෝපා වාර්තාව මැතිසබයට

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජයට රුපියල් මිලියන 16763ක් අහිමි කළ සීනි බදු වංචා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ  කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව කෝපා කමිටුවේ සභාපති සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා රජයේ ගිණුම් කාරක සභාවේ පළවෙනි දෙවෙනි  හා තෙවැනි වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.  

සීනි බදු පිළිබඳ වාර්තාවේ විගණකාධිපති නිරීක්ෂණ දහ තුනක් තිබුණ අතර එයින්  රජයට අහිමි වූ බදු ආදායම රුපියල්  මිලියන 16763ක ප්‍රමාණයක් යැයි ද සීනි බද්ද සත 75 කින් අඩු උනාට සීනි මිල ඒ හා සමානව අඩු වුණේ නැති වීම නිසා පාරිභෝගිකයින්ටත් විශාල පාඩුවක් සිදු වු බව මන්ත්‍රීවරයා කීය.

මෙම තත්ත්වය යටතේ සීනි ආනයනය 200% කින් පමණ වැඩි වුණ බවද  විගණකාධිපති නිරීක්ෂණ 13 පදනම් කරගෙන  අපරාධ විමර්ශන ඒකකයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපතිවරයා කෝපා කමිටුව හරහා දැනුම්  දී තිබුණ බවද කබීර් හෂීම් මහතා පැවසීය.

පරීක්ෂණයක් සඳහා අවශ්‍ය සියලුම සාක්ෂි තොරතුරු කමිටුව හරහා ඉදිරිපත් කර තිබෙන අතර පරීක්ෂණ වාර්තාව ලබා ගෙන එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තුවෙන්  ඉල්ලා සිටින බවද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.



අදහස් (1)

සීනි බදු වංචාව ගැන කෝපා වාර්තාව මැතිසබයට

sharm warn Monday, 05 December 2022 02:31 PM

හා... බලමුකෝ දැන් මේකේ කොමිස් කාපු අයට දඬුවම් ලැබෙයිද කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 815 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site