IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘සේනා කෘෂිකර්මය විනාශ කරනවිට මුදල් අමාත්‍යාංශය ජනතාව විනාශ කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

සේනා දළඹුවා කෘෂිකර්මය විනාශ කරන විට  මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්  බදු ගෙවන ජනතාව  සම්පූර්ණයෙන්ම විනාශ කරමින් යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (29) පැවැසීය.

කෙටි කාලීන රජයක් යටතේ  මහින්ද රාජපක්ෂ  මහතා ලබාදුන් බදු සහන ආපසු හැරවීම සඳහා අවශ්‍ය විධි විධාන වත්මන් රජය මේ දිනවල සකස් කරමින් සිටින බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පුංචි බොරැල්ල වජිරාශ‍්‍රම විහාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධන මහතා මෙසේද කීය.

        ‘‘මංගල සමරවිර මුදල් අමාත්‍යවරයා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යළිත් බදු දඩයම වේගවත් කරලා තියෙනවා. බදු පිට බදු ගසමින් සිටින ඔවුන් යළිත් පසුගිය නොවැම්බර් මාසයේදී මුදල් පනතකින් බදු වර්ග 07ක් හඳුන්වා දිලා තියෙනවා.

සුඛෝපභෝගී බද්ධ, මොටර් වාහන හිමිකම් අය බද්ද, කාබන් බද්ද, සමාගම් ලියාපදිංචි කිරීමේ අය බද්ද, ණය ආපසු ගෙවීමේ අය බද්ද, සන්නිවේදන කුලුණු අය බද්ද,  දුරකතන කෙටි පණිවිඩ සේවා අය බද්ද ආදී මේ බදු වර්ග ජනවාරි 01දා සිට ක‍්‍රියාත්මකයි.

මේ ඇතැම් බදු ගැන ඒවා අයකරන විදිය පිලිබඳ ජනතාව සහ රාජ්‍ය නිලධාරින් පවා දැනුවත් නැහැ. එම බදු අය කරගන්නා ක‍්‍රමවේදය පවා තවම සකස් කරලා නැහැ. ඒ නිසා දැඩි අර්බුදයක් මේ වනවිට හටගෙන තියෙනවා.

දුම් බද්දට අමතරව තමයි මේ කාබන් බද්ද හඳුන්වාදීලා තියෙන්නේ. පනත සම්මත කළාට අයකර ගැනීමේ නියෝග ප‍්‍රදේශිය ලේකම් කාර්යාල වලට තවදම දැනුම් දීලා නැහැ.

යතුරු පැදියේ සිට බස්රථ දක්වා සියලූම වාහන මේ බදුවලට යටත් වෙනවා. පීඩාකාරි ලෙස බදු පනවන්නේ නැතිව ජනතාවට සහන දෙන්න මේ රජයට වගකීමක් තියෙනවා. මේ බදු අවුල් විසඳීමට පවතින රජය මැදිහත් විය යුතුයි.

මේ දවස්වල සියලූම දේවල් මේ සේනා දළඹුවාට යටත් කරලා තියෙනවා. සේනා දළඹුවා කෘෂිකර්මය විනාශ කරන් යනවිට  මුදල් අමාත්‍යාංශයේ දළඹුවොටික බදු ගෙවන ජනතාව  සම්පූර්ණයෙන්ම විනාශ කරමින් යනවා.

මේ බදු  දඩයම නැවැත්වීමට රජයට කිසිදු විකල්ප ක‍්‍රියාමාර්ගයක් නැහැ. මහින්ද රාජපක්ෂ  මහතා ලබාදුන් බදු සහන ආපසු හැරවීම සඳහා අවශ්‍ය විධි විධාන මේ දිනවල සකස් කරමින් යනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

‘‘සේනා කෘෂිකර්මය විනාශ කරනවිට මුදල් අමාත්‍යාංශය ජනතාව විනාශ කරනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16885 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site