(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කිරීමේ දී පනවා ඇති ඇඳිරිනීතිය හා වසා දැමීම් හේතු කරගෙන ගෙවීම් කිරීම් ප්‍රමාද වෙන බැවින් සන්නිවේදනය කටයුතුවලට අදාළ සම්බන්ධතාවලට බලපෑමක් ඇති නොකරන්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලුම සන්නිවේදන සේවා සපයන සේවා සමාගම් වලින් ඉල්ලා සිටී.
ඒ අනුව සියලුම ජංගම හා ස්ථාවර දුරකථන සේවා සපයන්නන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විශේෂ දැනුම් දීමක් කර තිබෙන්නේ සම්බන්දතා විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසයි.
ඒ අනුව, ගෙවීම් ප්‍රමාදවීම් මත පදනම්ව සේවා විසන්ධි කිරීමක් නොමැතිව පසුගෙවුම් සහ පෙරගෙවුම් ගනුදෙනුකරුවන් ඇතුළු සියලු සේවාවන් අඛණ්ඩව ලබාදීම සහතික වන ලෙසත්, අපේ‍්‍රල් මාසය අවසානය දක්වා සහන කාලයක් දීර්ඝ කරන ලෙසත් , එම කොමිෂන් සභාව උපදෙස් දී ඇත.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සන්නිවේදනය වෙනුවෙන් පෙරගෙවුම් ගිණුම් සඳහා පිළිගත හැකි දෛනික හදිසි ණය සීමාවක් ද ඇති බව එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සන්නිවේදන සේවා විසන්ධි කරන්න එපා
samantha Friday, 03 April 2020 11:59 AM
බිත්තර රු 10, එළවලු රු 60/70, ෆොන් කපන්නේත් නැහැ, අනේ මන්දා... දැන් දැන් හිතෙනවා "කොරෝනා" නරකම නැහැ කියලත්,
sidath brungaraja Friday, 03 April 2020 02:06 PM
සමන්ත මහත්තයෝ, මේකෙන් පස්සේ, චන්දෙ එනවා, ඊගාවට තමයි " කෙලෝනා " එන්නේ අන්න එතකොටත් නරකම නෑ කියන්න පුළුවන් වේවා !!!.