IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති  කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.

අද  05 අලුයම 1.00 ට පමණ මෙම අලියා මියගොස් ඇති බව වනජීවි  අම්පාර කාර්යාලට වාර්තා වී තිබේ.

උස අඩි අටක් පමණ වන මෙම අලියා අවුරුදු 20ක පමණ අලියෙකු  බව වනජීවි  නිළධාරින් පවසති. 

මෙම ස්ථානයට එකතු වන කුණු කෑම සදහා දිනපතාම වන අලි පැමිණෙන  අතර මෙම අලි එලවීම සඳහා වගකිවයුතු බලධාරීන් ක්‍රියාත්මක නොවන බව ගම්වාසීහු පවසති.

අවස්ථා ගණනක දී වනජීවි දෙපාර්මේන්තුව මඟින්  මෙම කුණු ඇල ආවරණය වන පරිදි  අලි වැට ඉදිකරනු ලැබුවත්  වන අලින් මෙම වැට කඩා ගෙන  පැමිණ කුණු කෑමට පුරුදු වී තිබේ.

මේ   හේතුව නිසා මෙම කුණු වල තුළ වන අලින් අවස්ථා කිහිපයකදී තිදෙනෙක් පමණ මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.



අදහස් (3)

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි

පැරකුම් Saturday, 05 October 2024 11:42 PM

අලි කාණුව 100%ක් සාර්ථක බව වන ජීවියා දන්නවා. අපිත් දන්නවා අත් දැකීමෙන්. මාදුරුඔය අපේ පොල් වගාව ඇවිත් බලන්න. අලි කාණුවටත් කොමිස් ගන්න ක්‍රමයක් හදලා දුන්නොත් වැඩේ ගොඩ...!

:       0       0

Priyantha Dissanayake Sunday, 06 October 2024 08:42 AM

වගකිවයුතු ආයතනය අම්පාර නගර සභාව, මහජනතාවගේ බදුමුදලින් නඩත්තුවන බල ප්‍රදේශයේ කටයුතු බාර ආයතනය. තම වගකීම හරි හැටි ඉටුකළේනම් මෙවන් විනාශයන් සිදුවන්නේ නැත. වර්ථමාන ක්‍රියාශීලී මහජන හිතකාමී බලධාරීන්ගේ අවධානය විශේෂයෙන් යොමුවේවා..!

:       0       3

රම්බොඩ Sunday, 06 October 2024 09:26 AM

අපේ රටේ කුණු බැහැර කිරීම නම් තාම ප්‍රාථමික අවධියේ තියෙන්නේ. මේකට නම් විද්‍යාත්මක විසඳුමක් අවශ්‍යයි...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site