
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ වී.ඒ.නිශ්ශංක)
සීදූව ලියනගෙමුල් වෙළබඩ පාරේ සිදු වූ වෙඩි තැබීමෙන් 53 හැවිරිදි අයකු මීට සුළු වේලාවකට පෙර මීගමුව රෝහලේ දී මියගිය බව රෝහල් පොලිසිය කියයි.
ඔහුගේ පියා සහ සහෝදරයකු තුවාල ලබා මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් පිරිස මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථය ගෝවින්න මාර්ගයේ නවතා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
එතැන් සිට වෙඩික්කරුවන් වෙනත් රථයකින් පළා ගොස් ඇති අතර මේ වන විට එම පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට ආ පිරිස අතර කාන්තාවක ද සිටි බව පොලිසිය සඳහන් කරයි.
තුවාලකරුවන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සීදූවේ වෙඩි තැබීමක් අයෙක් මරුට:දෙකකට තුවාල
යෝගා Sunday, 29 December 2024 02:58 AM
රටේ මහජන ආරක්ෂාව වේගයෙන් දුර්වල වෙනවා. සංචාරකයෙකුට වෙඩි වැදුණොත් ඒ මුලු කර්මාන්තයම සමතලා වෙන්න පුළුවන්...!
Rashmi Sunday, 29 December 2024 04:34 AM
පාතාලය මඩින්න අනිවාර්යයෙන්ම හමුදාව කැඳවන්න ඕනෑ. පොලිසිය සම්පූර්ණයෙන්ම ෆේල්. දැන් කොච්චර කල් ඉඳන් මේ වගේ දරුණු අපරාධ වෙනවාද?
fairoos Sunday, 29 December 2024 10:53 AM
නව ජනාධිපතිතුමාගේ අවදානය පිණිස. මොන ආණ්ඩු ආවත් පාතාලය නම් අඩුවක් පේන්න නැහැ.