IMG-LOGO

‘සදතැන්න‘ පාරිසරික සංචාරක කළාපය යළි විවෘත කරයි

(නිමල කොඩිතුවක්කු)

සති අන්ත හා රජයේ නිවාඩු දිනවල වසා දැමුණු නුවරඑළිය සදතැන්න පාරිසරික සංචාරක කළාපය යළි විවෘත කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

නුවරඑළිය සදතැන්න පාරිසරික සංචාරක කළාපය සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස තවදුරටත් දියුණු කිරීමට කටයුතු කරන ලෙසත්  සංචාරක අමාත්‍යාංශයේදී පැවති හමුවකදී අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

ඉතා ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් වන සදතැන්න පාරිසරික සංචාරක කලාපය 2014 වර්ෂයේ දි සංචාරකයන් සඳහා  වීවෘත කෙරුණි.

කෘෂිකාර්මික දෙපාර්තුමේන්තුවට අයත් නුවරඑළිය සීතා බීජ අර්තාපල් ගොවිපළ ආශ්‍රීතව පිහිටා ඇති මෙම සංචාරක කළාපයේ ප්‍රවේශ මාර්ගය ගොවිපළ මැදින් වැටී ඇත.

මෙම ස්ථානයට පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හග්ගල හා නමුණුකුළ වැනි ප්‍රධාන කදු පන්ති 09 ක් දක්නට ලැබීම විශේෂත්වයකි.

භූමියේ උඩම කොටස අඩි පන්දහස් තුන්සීයක පමණ උසකින් යුක්ත වන අතර එය හෝර්ටන්තැන්නේ උසට සමානය.

කදුකර පහත්බිම්, කදුකරයට ආවේණික සත්ත්ව හා ශාඛ රැසකින් සමන්විත මෙම සංචාරක කළාපය හෙක්ටයාර් එකසිය පනස් පහකින් යුක්තය.

සංචාරක කළාපය උදෑසන 06 ට විවෘත කිරීමට අවශ්යද පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා මෙහි දී බළධාරින්ට උපදෙස් දුන්නේය.  



අදහස් (0)

‘සදතැන්න‘ පාරිසරික සංචාරක කළාපය යළි විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site