අත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් අද (25) නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කළේය.
නව කොරෝනා වයිරසය හේතුවෙන් රට තුළ පවතින ඇඳිරිනීති වාතාවරණය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව මහජනතාව අතර බෙදා හැරීම සඳහා රජය විසින් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවති.
එම භාණ්ඩ එක්රැස් කර බෙදාහරින එඩේරමුල්ල සතොස තොග මධ්‍යස්ථානයෙහි භාණ්ඩ සූදානම් කිරීමේ කටයුතු සඳහා නාවික හමුදාව අද (25) සිය දායකත්වය ලබා දීමට කටයුතු කළේය.
මෙම ක්‍රියාවලිය නිරීක්‍ෂණය කළ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා එහිදී එම කටයුතු සඳහා සහය ලබාදෙන නාවික පිරිස් හට එම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට ද කටයුතු කරන ලදි.
( ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සතොස ගබඩාවන්හි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට නාවික හමුදා සහය