(උපුල් හේරත්)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඓතිහාසික මිහින්තලා පුද බිමේ ආලෝකකරනය කිරීම සඳහා රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික සෝලා ත් විදුලි පහන් තොගයක් පරිත්‍යාග කළේය.
දැනට මාස කිහිපයකට පෙර ඓතිහාසිකව මිහින්තලා පුද බිමෙි විදුලි බිල රුපියල් ලක්ෂ විසි හතරකට නොඅඩු මුදලක් ගෙවා ගැනීමට අපොහොසත්වව තිබිය දී විපක්ෂ නායක සජිත් පේමදාස මහතා මිහින්තලා පුදබිමට පැමිණ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වෙත එම මුදල් ලබා දීමට කටයුතු කළහ .
එහිදී ඇති කරගත් පොරොන්දුවක් පරිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදේශීය රටකින් ගෙන්වන ලදැයි කියන සෝලා පවර් හෙවත් සූර්ය කෝෂ විදුලි ලාම්පු තොගයක් විපක්ෂ නායකවරයාගේ නියෝජිතයකු මිහින්තලේ නාහිමිට ගෙනැවිත් භාර දෙන ලදී .
මේ පිළිබඳව විහාරාධිපති හිමියන් කියා සිටිනුයේ, මෙම සූර්ය කෝෂ විදුලි පහන් ආරක්ෂා කර ගැනීමට හැකි වුවහොත් එක් මසක විදුලි බිල අවම වශයෙන් රුපියල් ලක්ෂ හතරකට නොඅඩු මුදලක් අඩු කර ගත හැකි බව උන්වහන්සේ කියා සිටියහ .
ඓතිහාසික මිහින්තලා පුදබිම ආවරණය වන විශාල භූමි බාගයක මෙම සූරිය කෝෂ විදුලි ලාම්පු සවිකිරීම ද එදිනම ආරම්භ කළේය.
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සජිත්ගෙන් මිහින්තලේට කෝටියක සෝලා ලාම්පු දෙයි
කිරිපුතා Sunday, 24 September 2023 02:18 PM
පුද බිමකට ආලෝකය පූජාකිරීමේ පින ඔහුට හිමියි...
Siri Sunday, 24 September 2023 02:57 PM
ඊළඟ මාධ්‍ය සාකච්ඡාවේදී අපේ නායක හාමුදුරුවෝ මොනවගේ අනුශාසනාවක් වදාරයිද කියලයි මම මේ දස අතේ කල්පනා කරන්නේ...!
Saman Sunday, 24 September 2023 03:18 PM
අම්මා, අප්පාගේ බූදලයද?
abaran Sunday, 24 September 2023 03:18 PM
මිහින්තලේට ඉරයි, හඳයි දෙකම පූජා කළත් ඔයාට ආයේ නිකන්ම නිකන් මන්ත්‍රීකමක් හැරෙන්නට වෙන දෙයක් ලැබෙන්නේ නැහැ අයුබෝවන්ඩ. ඒකත් අපේ රටේ ඉන්න මෝඩ ඡන්ද දායකයෝ නිසයි...
මහසෙන් Sunday, 24 September 2023 03:30 PM
සජිත් හොඳා...යි. ඊළඟ ජනපති වෙනවා...මයි.
Sathyapala Sunday, 24 September 2023 04:27 PM
අතිපූජනීය මිහිඳු මහරහතන් වහන්සේ එදා මිහින්තලයට නොවඩින්නට අපට බුදුදහමක් නොලැබීමට බොහෝසෙයින් ඉඩ තිබිණි. එවැනි පුදබිමක් ආලෝකකරණය වෙනුවෙන් මේ තරම් විශාල මුදලක් ලැබීම අති උතුම් පින්කමකි. සජිත් මහතාට දීර්ඝායුෂ ලැබේවා. මීළඟ ජනපති වේවා...!
saman Monday, 25 September 2023 12:28 PM
බුදු දහමක් ලංකාවෙ තියනවද මං නම් හිතන්නෙ නැහැ. වෙන දේවල් දැක්කම.
Sam Sunday, 24 September 2023 04:40 PM
මම සජිත් ප්‍රේමදාසගේ සපෝර්ටර් කෙනෙක් නෙවෙයි... නමුත් මේ ක්‍රියාව අගය කළ යුතුයි.
විජේ Sunday, 24 September 2023 05:03 PM
ගියපාර ඡන්දෙදී ලොකූ ගාණක ණයක හිටියා කිව්ව සජිත් මේ වගේ ටික කාලෙකින් මේ තරම් දෙන්න පුළුවන් තරමට ආවා කියන්නේ ලංකාවේ සමස්ත ණය ගෙවන්නත් වැඩි කලක් යන එකක් නෑ... ජනාධිපති වුණාම...
ත්‍රස්තයාMonday, 25 September 2023 07:47 AM
හරියට හරි... හාරන්න උපකරණ තියෙනවා. අච්චු ගහන්න බඩු තියෙනවා, පළපුරුද්ද තියෙනවා ලංකාවේ කාටවත් නැති... කව්රුහරි ගියපාර බේරුවා. ලංකාව ගොඩගන්න එක සුළු දෙයක් බලයට ආවොත්...!
Bamunuarachchi Sunday, 24 September 2023 11:07 PM
එතකොට මිහින්තලේ ලොකු හාමුරුවො වෙන බලවේගයකට රටේ බලය දෙන්න ඕනේ කියන්නේ සජියට බලය අරන් දෙන්නද? දෙන්නම් ලොක්කො බලාගෙන හිටු.
gamini Monday, 25 September 2023 02:23 PM
හොඳ දේ අගය කිරීම කළයුතුයි. ඒ පින සම්බන්ධවූ සියළුම දෙනාට ලැබෙයි...
ChandraMonday, 25 September 2023 10:41 PM
අනිවාර්යෙන් පින් ලැබෙනවා දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්නම් .