IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියගේ මව සහෝදරයා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව  ඝාතනයට   නීතිඥ වෙස්ගෙන ගිනි අවිය රැගෙන ආ අතුරුදන් කාන්තාවගේ මව සහ සහෝදරයා  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාරා සෙව්ව්න්දි නැමැත්තියගේ මව සහ සහෝදරයායි.

වයස අවුරුදු 23 සහ 48 පසු වන  ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (18)

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියගේ මව සහෝදරයා අත්අඩංගුවට

ගුණරත්න Tuesday, 25 February 2025 07:37 AM

සැකකරුවන්ගේ මුහුණු ප්‍රසිද්ධ කිරීම. එක එච්ච්චර හොඳ දෙයක්ද? මම නං දන්නේ නැහැ ඉතින්.

:       67       11

Nalin WanisekaraTuesday, 25 February 2025 08:51 AM

සැක කරුවෙක් තමයි හැබැයි ඇය ඝාතනයට කෙලිම්ම සම්බන්දයි කියන්න තවත් සාක්ශි ඕනෙද?

:       4       14

InduTuesday, 25 February 2025 12:30 PM

ගුණරත්න මේ ගෑනු කෙනාගේ මූන පෙන්වන්න මේ තියන සාක්කි හොඳටම ඇති නේද? පව් සිද්ද වෙන්නේ නෑ මෙහෙම කිව්වාට මේ වගේ ගෑනුන්ට මොන දඬුවමක් දුන්නාත් මදි

:       1       0

maalaka Tuesday, 25 February 2025 07:58 AM

හොඳ තීරණයක් අඩුම වශයෙන් මෙයා තම මව ගැන සිතලා හරි ඉදිරිපත් විය යුතුයි.

:       30       45

JayasekaraTuesday, 25 February 2025 09:17 AM

අම්මලා තාත්තාලා ගැන හිතුවා නම් ඔය වගේ කාලකන්නි විදිහට ජීවත් වෙන්නේ නෑ... මල පෙරේත ආත්මයක් ලබන්න හිතපු කෙනෙක් දුර්ලභ මිනිස් භාවයක් ලබලා...

:       2       17

සමන්ති Tuesday, 25 February 2025 08:51 AM

ගුණරත්න ඔහෙ දන්නෙ නැත්තං මක්කැයි දොඩන්නෙ?

:       4       9

Manuwel Tuesday, 25 February 2025 09:10 AM

මෙවැනි ආකාරයේ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ ලංකාව වගේ දූපත් වල පමණි . දරුවන් වරදක් කළ පමණින් පවුලේ අනිකුත් අය ඇතුළට ගැනීම සදාචාරාත්මක නැත.

:       13       30

අරවින්ද මොණරවිල Tuesday, 25 February 2025 09:11 AM

සැකකරුවන් වෙනුවෙන් පවුලේ අය අත් අඩංගුවට ගැනීම නම් හොද දෙයක් නොවෙයි. ඒක මානව හිමිකම් කඩ කිරිමක්ද විය හැකියි. ඒ වගේම මේක නරක පූර්වාදර්ශයක්, ඒ වගේම එහෙම කරන්න පොලිසියට නීතිමය බලයක් තියෙනවාද කියලා සොයා බලන්න ඕනා.

:       9       28

Jayasekara Tuesday, 25 February 2025 09:19 AM

මල පෙරේත ආත්මයක් ලබන්න හිතපු කෙනෙක්... මිනිස් මවුකුසක දුර්ලභ මනුෂ්‍ය භාවයක් ලැබලා... ඊළඟ භාවය එහෙනම් හිතාගන්න පුළුවන්...

:       2       7

සත්‍යපාල Tuesday, 25 February 2025 10:13 AM

ලංකාවේ එවුන්ගේ ඔලු හොදටම නරක් වෙලා. රිලව් බේරගන්න පොල් එලවලු පලතුරු ඉන්දියාවෙන් ගෙනෙන්නලු. අලි බේරගන්න කෝච්චි නවත්තලා බස් දාන්නලු. පාතාලේ එවුන් මරපු මිනී ගැන වැඩිවෙන තරමට STF ගැන වැඩි කරලා වෙනම කෑම බීම විතරක් නොවෙයි ඇතුලේ ජිම් දාගන්න වැලි කොට්ටත් දෙනවා. අර මිනි මරණ ගෑනිගේ මුහුණ පෙන්නන එකට දරු දුක පහල වෙලා. වෙඩි තියපු එකා හන්දියා කියලා ගෑණු ලවු. මාර රටක්. මාර ජනතාවක්. මේ කතාකරන එවුන්ගේ අම්මා මැදපෙරදිග බැලමෙහෙවරට යවලා ඒ සල්ලි වලින් කාල බීලා ජැන්ඩියට ඇදගෙන මානව හිමිකම් දෙසා බානවා. "කැද බිවුවත් කට්ට කෙලින්" ජාතියක්.

:       2       17

Hasith Tuesday, 25 February 2025 10:29 AM

ගුණරත්න, එතකොට මුහුණ නැතිව මොකක් පෙන්නලාද හොයාගන්න පුළුවන් ?

:       3       15

දොන් සේතන්Tuesday, 25 February 2025 12:13 PM

බිරිඳගේ කැවුම් මූනයි දාන්න තිබ්බේ.

:       0       0

Lalla Tuesday, 25 February 2025 11:00 AM

හමුදාව පොලීසිය ලොකු වුනාට අපරාධ අඩු කරන්න බෑ.මොලේ තියෙන බුද්ධිමත් අවංක නිලධාරීන් ටීක දෙනෙක් හිටියම ඇති.නව තාක්ෂණය සහ අපරාධ විද්‍යාව ගැන දෑනුවත් විද්‍යාත්මක දත්ත සමාලෝචනය හැකි අය වැඩි වැටුපට ගන්න ඕන. අනිත් අය රූකඩ නාට්‍ය කලාව ගැන මතක් කරනව විතරයි.

:       0       15

රටවැසියා Tuesday, 25 February 2025 11:14 AM

මෙම සිද්ධිය ඉතාම බරපතල තත්වයක්, 88-89 භිෂණය සිහි ගන්වන අවස්ථාවක්, නිතිය මොකක් වුනත්, අපරාධකරුවන්ගේ පවුල් සාමාජියින් ප්‍රාණ ඇපයට ගැනීම අතිශයින්ම අයුක්ති සහගතය. එසේ කිරිමෙන් කිසිදු අපරාධයක් මැඩලිය නොහැක.

:       7       16

Manjula Tuesday, 25 February 2025 11:40 AM

ප්‍රශ්න කරලා තොරතුරු ගන්න එක හොඳයි

:       4       5

රංජන් Tuesday, 25 February 2025 12:24 PM

මේක නම් ඉතාම පහත් වැඩක්. නම් ගම් තොරතුරු පොලිසියට ලැබිලා තියෙද්දී කිසිම දෙයක් කලේ නැති පොලිසියේ ලොක්කෝ, උසාවියේ චෙක් කවුන්ටරේ ආරක්ෂකයෝ , නැවතිලා හිටියා හොටෙල් වල අයිතිකාරයෝත් අත් අඩංගුවට ගන්න.

:       0       2

Gavin Tuesday, 25 February 2025 12:35 PM

පළමු වරට මම අරවින්ද මොනරවිල සමඟ එකඟ වෙමි. මෙයා පක්ෂ පාට අතර දෝලනය නොවන කෙනෙක් තමන්ගේ පැත්තෙන් මේ දෙස බැලුවොත් සිදු වි ඇත්තේ සදාචාරාත්මක නොවන දෙයක්

:       0       4

Jothi Tuesday, 25 February 2025 12:42 PM

ලංකිකයන් ලෙස, අපි ප්‍රභාකරන්ගේ හෝ පාස්කු ඝාතකයින්ගේ පවුලේ අය පිටුපස හඹා නොගියෙමු .මෙම නව ප්‍රවණතාවයට අපි සැම පක්ෂ පාට නොබලා හෙලා දකිමු .මෙය ඉතා පහත් නින්දිත ක්‍රියාවකි .

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31351 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13569 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site