IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


සජිත් සිව්වන දිනටත් රනිල් බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බලන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදත් (26)ගියේය.

ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බලන්නට ගියේ හතරවන වරටයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේ තර්ජන ගර්ජන මර්දන හරහා විපක්ෂය විනාශ කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක බවයි. මේ තර්ජන ගර්ජන මර්දනයට බිය නොවන බවද විපක්ෂ නායකවරයා එහිදී කීය.

ඕනෑම අභියෝගයකට මුහුණ දී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ අරමුණින් ජනතාව සමග එකට එකතු වී ශක්තිමත් නායකත්වය හා මගපෙන්වීම ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.



අදහස් (8)

සජිත් සිව්වන දිනටත් රනිල් බලන්න යයි

සෙනෙවිරත්න Tuesday, 26 August 2025 11:34 AM

මෙයා කරන්නෙ වෙනම වැඩක්, ඔතනට ගියා කියල ඔය කියපු එකක්වත් වෙන්නෙ නැහැ, ඔතනට යන්නෙ මැරිලද බලන්නද, දොස්තරල ඉන්නව ඔතන ඉහටත් උඩින්, අයි සී යුනිට් එකේ ඉන්න කෙනෙක් ඔහොම බලන්න යනඑක හරිද, තමුන් දැක්කම පරන තරහ, වෙචිච දේට මුල තමුන් බව දැනිල ලෙඩ ඇවිස්සෙනව, ඒක නෙවෙයි එළියෙ වැඩ වලින් මග හරින්න කරන කපටි වැඩක් ඔතන ලගින්න එන එක.

:       0       0

අරවින්ද මොණරවිල Tuesday, 26 August 2025 11:44 AM

මෙයාව නම් බන්ධනාගාර රෝහලට යවන්නත් හොද නැහැ කටේ නරිවාදම නැති වෙන්නත් එක්ක යවන්න ඕනා වාට්ටුවකටම.

:       0       0

Achi Tuesday, 26 August 2025 11:51 AM

සජිත් ගොයියා බලන් ඉන්නේ රනිල් නැති උනාම UNP නායකයා වෙන්න බෑ

:       0       0

pakeer Tuesday, 26 August 2025 12:00 PM

අපරාදේ… ඒ මනුස්සයාට තැන දීලා චන්දේ කරා නම් ඉවරයිනේ … දැන් බොරුවට කිම්බුල් කඳුළු හෙලන්නේ නැතුව.

:       0       0

ප්‍රියා Tuesday, 26 August 2025 12:03 PM

අනුර රනිල් ගිවිසුම් කියලා බෙරිහන් දුන්න නඩේ ගුරා රනිල් එක්ක හොර පට්ට ලව් එකක් නේ තිබිලා තියෙන්නේ....

:       0       0

කව්ද බෝයි Tuesday, 26 August 2025 12:17 PM

පැදුරයි, කොට්ටෙයි අරගෙන ගිහිං පදිංචි වුණානම් ඉවරයිනේ.

:       0       1

කපුරුහාමි Tuesday, 26 August 2025 01:16 PM

ළාමක ටින් ටින් මේ ටිකේම ජාතික රෝහලට යනවා. අනේ මෙහෙම කරුණාවක්. ඔය දැක්කාමයි. දැන්නම් සජිත් රනිල්ගේ ආදර අන්දරය පටන් අරන් වගේ?

:       1       2

Colombo Citizen Tuesday, 26 August 2025 01:50 PM

මිය යන පියාගෙන් සියලු ධනය ලබා දෙන ලෙස පුතෙකු අයැද සිටිනවාක් මෙන්, ඔහු පක්ෂ නායක ධුරය සඳහා අයැද සිටිනවා විය යුතුය.

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1588 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site