
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) රජයෙන් ඉල්ලීමක් කළේය
විපක්ෂනායකවරයා මෙසේ ඉල්ලා සිටියේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
මත්පැන් බලපත්‍ර ලබා ගත්තයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් චෝදනාවක් එල්ල වෙනවා. මේ වගේ වැරදි ක්‍රියාවල නිරත නොවන බහුතරයක් මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන. මත්පැන් බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අල්ලසක් වශයෙන් ලබාදෙනවා. අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයාගත හැකි විදියට මත්පැන් බලපත්‍ර ලබාදීම සිදුවෙනවා. ඒක ප්‍රසිද්ධ කරුණක්. මත්පැන් විකිණුම් ස්ථාන විධිමත් ආකාරයට නොපිහිටුවීම සම්බන්ධයෙන් මහජන කැළඹීම් පසුගිය කාලයේදී ඇතිවුණා. ආගමික ස්ථාන අවට මත්පැන් ස්ථාන පිහිටුවීම අද ජමරෙට ක්‍රියාත්මක වෙනවා. ඒක අද දේශපාලන සූදුවක් බවට පත්වෙලා. අපිට ඒ ගැන කරුණු පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි.
2025 දෙසැම්බර් මස 04
300
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සජිත් බාර් ගත්තු අයගේ ලැයිස්තුවක් ඉල්ලයි
Hafeel Tuesday, 14 May 2024 02:10 PM
එක්තරා ජනප්‍රය යුටියුබ් නාලිකවෙදී කියා තිබුණා මෙයාගේ පක්ෂයේ මහ ලේකමුත් ඔහුගේ ආරක්ෂකයාගේ බිරිඳගේ නමින් මෙහම මත්පැන් බලපත්‍ර ගත්ත කියලා. පුළුවන් නම්, අභියෝග කරන්න. ඒ නිසා මෙහම බොරුවට ප්‍රශ්න අහන්න එපා. ජනතාව මෙයාව ගෙනත් දන්නවා. එදා ජාතිවාදය අවුස්සපු චන්න ජයසුමනත්, එදා බරපතල චෝදනා සහ නඩුවට මුහුණ දුන්, ඒ වගේම එක්ස්ප්‍රස් පෙර්ල් නව මුදාහරින්න කොමිස් ගත්තයි කියල දූශිත්යත් දැන් ඉන්නේ මෙයාත් එක්ක.
අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 02:24 PM
සජිත්ට ඕනා වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න නොවෙයි, අගේ ඉදන් කන එවුන් හොයා ගන්නයි.
.............. Tuesday, 14 May 2024 02:43 PM
වත්මන් පාර්ලිමේන්තුවේ මැති ඇමැති අනුදැනුම රැකවරණය පොලිස් ආරක්ෂාව ලබාදීම ඇතිව ගම් මට්ටමෙන් තියෙන මත්පැන් නිෂ්පාදන ආයතන හා විකුණුම් ස්ථාන ගැනත් තොරතුරු ලබාගත්තොත් මැති,ඇමැති .පොලිස් හා අනෙකුත් අදාල බලධාරීන් ගැනත් බැලුවොත් ?
අජිත් Tuesday, 14 May 2024 02:47 PM
අයියෝ.. එයාලගෙ නම් වලට නෙවෙයි බාර් පර්මිට් දෙන්නෙ. බිරිය ,දරුවන් , සහෝදර නම් වලටනේ ගන්නෙ. ඉල්ලන්න ඕනේ බාර් පර්මිට් ගත්ත අයගේ නම් ටික. ඒවයින් තමා විස්තර හොයාගන්න පුලුවන් වෙන්නෙ.
සෙනෙවිරත්න Tuesday, 14 May 2024 03:05 PM
ඔයි හදන්නේ බලයට ආවොත් විරුද්ධකාරයන්ගේ නම කපලා ඒවා තමන්ගේ අයට දෙන්න මෙයාගේ වටේ ඉන්න අප්පුහාමිල දෙයි මෙයාට බාර් වහන්න.
Don Don Tuesday, 14 May 2024 03:13 PM
අනේවාසික නීතිවිරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ලබා නොගන්නේ මන්ද?
puthano Tuesday, 14 May 2024 04:10 PM
අනේ මිනිහෝ එදා අගමැතිකම ගන්න කීවහම ඇඳ යට හැංගුන එකා දැන් වැල් බයිලා කියනවා . අපි කොහෙන්ද මේවට හිනාවෙන්න ඕන ?