IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සංචාරක ක්ෂේත්‍රයේ නවමු අත්දැකීම ‘‘ද පිකෝ ට්‍රේල්’’

සංචාරක ව්‍යාපාරය අපේ රටට විදෙස් විනිමය උපයා දෙන ප්‍රධානම අංශයකි. ඉකුත් සමයේ කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය මේ වනවිට ශීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් සිටී. එය තව තවත් වර්ධනය කර ගනිමින් රටේත් ජනතාවගේත් සුබ සිද්ධිය උදෙසා මේ ව්‍යාපාරය දායක කරගැනීම සැමගේ වගකීමය.

සංචාරකයන්ට නො අඩුව තම සිතැඟියාවන් ඉටුකර ගැනීමට හැකි ස්වභාව සෞන්දර්යයෙන් මේ රට අනූන ය. එකී ස්වාභාව සෞන්දර්යයට තව තවත් සංචාරකයන් සමීප කරවීමට එහි අත්දැකීම් ලබා ගැනීමට යොමු කිරීමෙන්  මේ රටට තව තවත් සංචාරකයන් ආකර්ශනය කරගත හැකිය. නව මානයන් ඔස්සේ මේ ව්‍යාපාරය නැංවීමට කටයුතු කිරීමේ වුවමනාව මතුවන්නේ ඒ අනුව ය. 

‘‘ද පිකෝ ට්‍රේල්’’ එවන් නවමු සංචාරක අත්දැකීමක් ලබාදීමේ වැඩ පිළිවෙළකි. සංචාරක ව්‍යාපාරය කඩා වැටී තිබූ කාලයේ එය යළි නගා සිටුවීමට ශක්තියක් වීමේ අරමුණෙන් ‘ද පිකෝ ට්‍රේල්’’  වැඩපිළිවෙළ ආරම්භ කෙරුණි. සාමාන්‍යයෙන් පැමිණෙන සංචාරකයන්ට වඩා විශේෂිත සංචාරක පිරිසක් මේ වැඩ පිළිවෙළ හරහා ආකර්ශනය කර ගැනීමට හැකිවනු නො අනුමාන ය. සොබා දහමේ අපූරු තැන් විඳිමින් සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබාගැනීමට ‘‘ද පිකෝ ට්‍රේල්’’ මගින් අවස්ථාව උදාකර දී තිබේ.

මහනුවර හන්තාන තේ කෞතුකාගාරය අසලින් ආරම්භ වන ‘ද පිකෝ ට්‍රේල්’’ හි ගමනාන්තය වන්නේ නුවරඑළියයි. දුර කිලෝමීටර් 300කි. අඩි පාරක් දිගේ කෙරෙන මෙම සංචාරය මෙතෙක් මෙරට දී ලබාගැනීමට නොහැකි වූ අත්දැකීමකි. සුන්දරම තේ වතු, මනස්කාන්ත කඳුකර ප්‍රදේශ, කෙත්වතු, වගා බිම් මැද්දෙන් විහිදී ඇති මෙම ගමන් මාර්ගය  ත්‍රාසජනක අත්දැකීමක් ලැබෙන පා ගමනකි. 

මධ්‍යම සහ ඌව පළාත් හරහා විහිදී ඇති ‘‘ද පිකෝ ට්‍රේල්’’ අඩි පාර මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන් ගේ විශේෂ අවධානයට ලක්ව තිබෙන්නකි. ඒ එමගින් ලැබිය හැකි සුවිශේෂි සංචාරක අත්දැකීම් හේතුවෙනි.‘‘ද පිකෝ ට්‍රේල්’’ගමන් මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් නව සංචාරක ව්‍යාපාර රාශියක් උදාවී තිබීම තවත් විශේෂ ලක්ෂණයකි. එමෙන්ම නව අවස්ථා රාශියක් මෙම වැඩපිළිවෙළ හරහා උදාකර ගැනීමේ හැකියාව ද තිබේ. එය මෙහිදී අමතක නොකළ යුතුම කාරුණකි.

නැෂනල් ජියෝග්‍රැෆික් සහ බ්‍රිතාන්‍ය සංචාරක ලේඛකයන්ගේ සංසදයේ පැසසුමට ලක්වීමට ‘‘ද පිකෝ ට්‍රේල්’’ විදේශිකයන්ගේ වැඩිම අවධානයට ලක්වුණු ලංකාවේ එකම අඩිපාර ‘‘ද පිකෝ ට්‍රේල්’’ වශයෙන් නම් කිරීමේ කිසිදු වරදක් නැත. ‘‘ද පිකෝ ට්‍රේල්’’ මෙලෙස ජාත්‍යන්තරයේ අවධානය දිනාගෙන ඇත්තේ මෙවැනි අඩිපාරක ගමන් කිරීමෙන් ලබන අත්දැකීම විදෙස් සංචාරකයන් අතරේ ජනප්‍රිය බැවිනි. ප්‍රචලිත බැවිනි. 

‘‘ද පිකෝ ට්‍රේල්’’ හි ගමන් කිරීම සිත් ඇද ගන්නා දර්ශනවලින් පිරි සංචාරයක් පමණක් නොවේ. එමගින් බොහෝ ව්‍යාපාරික අවස්ථා උදාකර ගැනීමේ හැකියාව තිබේ. ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති, කෘෂි කාර්මික ව්‍යාපාර දියුණු කිරීම, ග්‍රාමීය ආර්ථිකය නැංවීම යනාදී අංශ රාශියක් ඔස්සේ  ග්‍රාමීය ආර්ථිකයට, රටේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් මෙම වැඩපිළිවෙල ජනප්‍රිය කරමින් සංචාරක ආකර්ශනය වැඩිකර ගනිද්දී ලබාගත හැකිය.

‘‘ද පිකෝ ට්‍රේල්’’ ජාත්‍යන්තර මට්ටමේ නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නක් හෙයින් මධ්‍යම සහ ඌව ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය සහ ආර්ථික සංවර්ධනයට  නව  අවකාශයක් විවර කිරීමට හේතු පාදක වන බව ඉතාම පැහැදිලිය. සංචාරකයන් පරිසරයට වැඩි වැඩියෙන් සමීප කරන ‘‘ද පිකෝ ට්‍රේල්’’ ලාබ උපයන ආකාරයට, රටේ සමෘද්ධිමත් පළාත් එකිනෙක සම්බන්ධ කරමින් සැමට ප්‍රතිලාභ ගලායන ආකාරයේ වැඩපිළිවෙළකි.

මනරම් පරිසර පද්ධතියක් හරහා කෙරෙන මෙම සංචාරය  සමාජ මාධ්‍ය ආදී විවිධ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය කිරීමෙන් ඉමහත් වාසියක් ජාතික වශයෙන් ලබාගැනීමේ හැකියාව තිබේ. අන්තර් ක්‍රියාකාරී වෙබ් අඩවි, පොඩ්කාස්ට් වැනි  ඩිජිටල් මෙවලම් මෙම කටයුත්තට යොදාගත හැකිය.

කැලෑ කපා, මාර්ග එළිපෙහෙළි කරමින් මෙම මාර්ගය සකසා නැත. නුවර සිට  නුවරඑළිය දක්වා වූ කිලෝමීටර 300ම ගමන් කෙරෙන්නේ ගම් මැද්දෙනි. තේ වතු, කැලෑ, කෙත්වතු හරහා ය. මේ අඩිපාර එදා සිටම තිබූවක් මිස අලුතෙන් සංවර්ධනය කළ ඒවා නොවේ. ඇතැම් තැන් පැරණිය. කරත්ත පාරවල් ය.

එනිසා එහිදී ලැබිය හැකි අත්දැකීම් ස්වභාව  සෞන්දර්යයට අතිශය සමීප බව අමුතුවෙන් කිව යුතු නැත.  දෙපයට මහන්සියක් නොදැනෙන ආකාරයට ගමන් කළ හැකි පරිදි මෙම මාර්ගය සැලසුම් කර තිබීම සුවිශේෂී ලක්ෂණයකි. කොතරම් කඳුකර ප්‍රදේශයක් වුවත් දිනකට අපහසුවකින් තොරව කිලෝමීටර 15ක් පමණ  ඇවිද යා හැකි ආකාරයට ‘ද පිකෝ ට්‍රේල්’’ සැකසී තිබේ.

ඒ වගේම ගමින් ගමට යන ආකාරයට මේ සංචාරය සැකසී තිබිම අමතක නොකළ යුතු කරුණකි. උදාහරණයක් වශයෙන් ගතහොත් හන්තානෙන් ආරම්භ වන ගමන ගලහ ප්‍රදේශයෙන් අවසන් ය.  පළමු දිනයේ එම කොටස අවසන් කරන සංචාරකයකුට ගලහා ප්‍රදේශයේ නවාතැන් ගැනීමට හැකිය. අවශ්‍ය ආහාර පාන එම ප්‍රදේශයෙන් ලබාගත හැකිය. එමෙන්ම සංචාරකයා අඩිපාර දිගේ ගමන් කරද්දී ඔහු ඊළඟ දිනයේ නවාතැන් ගන්නා ස්ථානයට ඔහුගේ බඩු බාහිරාදිය රැගෙන යා යුතුය.

එය වෙනම ප්‍රවාහන සේවාවක් හරහා ලබාගැනීමට සිදුවනු ඇත. එයින් පෙනෙන්නේ ‘‘ද පිකෝ ට්‍රේල්’’ හරහා  තවත් පිරිසකට  ආදායම් මාර්ගයක් විවර වන බවය. ඒ වගේම සංචාරකයන්ට නවාතැන් පහසුකම් සැපයීම, ආහාර පාන සැපයීම, වෙනත් භාණ්ඩ හෝ දේශීය නිෂ්පාදන අලෙවි කිරීමට මේ හරහා අවස්ථාව උදාවන බව ඉතාම පැහැදිලි ය. එනම් ඒ ඒ ගම්වල ජනතාවගේ ආර්ථිකය හක්තිමත් කිරීමක් ‘ද පිකෝ ට්‍රේල්’’ හරහා සිදුවන බවය.

ඒ වගේම තවත් සුවිශේෂී කරුණක් අමතක නොකළ යුතුය. එනම් මෙයින් ලැබෙන සෑම ආදායමක්ම සෘජුවම ඒ ඒ ප්‍රදේශවල ජනතාව අතටම පත්වීමයි. මෙලෙස ගම් නගර 22ක්  යා කරමින් අදියර 22ක් යටතේ මෙම සංචාරය සැලසුම් වී තිබේ. මේ ගම් නගර 22 සංචාරයේ ආරම්භය සහ අවසානය සලකුණු කරන ස්ථානයි. එනිසා ඉහත කී ආකාරයේ ආර්ථික ප්‍රතිලාබ මේ ගම් නගර  විසි දෙකේම ජනතාවට සෘජුවම  ලැබීමේ අවස්ථාව‘‘ද  පිකෝ ට්‍රේල්’’ වෙතින් උදාකර දී තිබේ.

 සංචාරක  ආර්ථික කේන්ද්‍රස්ථාන වශයෙන් මේ ගම් නගර විසි දෙක සංවර්ධනය කිරීම ‘‘ද පිකෝ ට්‍රේල්’’ හි මූලික අරමුණක් වී තිබේ. හෝටල්, අවන්හල්, ඇඳුම් පැළදුම් ආදිය සංචාරකයන්ට සැපයීම හරහා ආදායම් උත්පාදනයට ඒ ඒ ප්‍රදේශවල අයට ප්‍රමුඛතාව දෙමින් මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මකය. මෙහි යන සංචාරකයකු වතුර බෝතලයක් මිලදී ගත්ත ද එය ඒ ප්‍රදේශයේ පුද්ගලයකුට සෘජුවම හිමිවන ආදායමකි.

අතරමැදියන්ගෙන් තොරව සංචාරකයා හා ග්‍රාමීය ජනතාව සම්බන්ධ කිරීමක් මෙමගින් සිදුවන බව පැහැදිලි ය. ඒ වගේම අපද්‍රව්‍ය කළමනාකරණය කඳුකර ප්‍රදේශවල තිබෙන ප්‍රධාන ප්‍රශ්නයකි. ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය සභා හෝ එවැනි වෙනත් ආයතනවලට මේ කාර්යය නිසි පරිදි කිරීමට හැකිව නැත. ඒ වගේම ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇති බවක් ද නොපෙනේ.

එනිසා මේ කාරණයට තිරසාර විසඳුමක් සෙවීමේ ප්‍රමුඛ අරමුණක්ද ‘‘ද පිකෝ ට්‍රේල්’’ හි අන්තර්ගත ය. මෙය ඒ ඒ ප්‍රදේශවල සමාජය, ජනතාව වෙනුවෙන් කෙරෙන්නකි. තම නගරය ලස්සනට, පිරිසුදුව තබා ගැනීමෙන්  ගමට ලැබෙන වටිනාකම, සුන්දරත්වය, එමගින් සංචාරක කර්මාන්තය වර්ධනයට වන බලපෑම හා ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පෙන්වා දෙමින් මෙම වැඩ පිළිවෙළ ඉදිරියට යාමෙන් විශාල ශක්තියක් රටට සමාජයට ලැබෙන බව පැහැදිලි ය.

මේ මාර්ගය විශේෂයෙන් වතු හරහා වැටී තිබීම හේතුවෙන් එම ප්‍රජාවට මෙමගින් ප්‍රතිලාභ ලබන්නට පුළුවන. වත්තක වැඩ කරන පුද්ගලයකුගේ පවුලක සාමාන්‍යයෙන් වැඩ නොකරන හතර දෙනෙක් සිටිති. මෙයින් එක් අයකුට මේ ට්‍රේල් එකෙන් අමතර ආදායමක් ලැබිය හැකි නම් එම අවුලට විශාල ශක්තියක් වනු ඇත. එනිසා ‘‘ද පිකෝ ට්‍රේල්’’ හි ආර්ථික අවස්ථා බහුල ය. අවශ්‍ය වන්නේ එයින් නිසි ඵල නෙළා ගැනීම ය.

‘‘ද පිකෝ ට්‍රේල්’’තව තවත් දියුණු කර ගනිමින් ඉදිරියට ගෙනයාම මෙරට සංචාරක කර්මාන්තය නව මානයකට ගෙන යන්නක් බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ. එමගින් මෙරට ජන ජීවිතය නංවාලීමට වන දායකත්වය ද සුළුපටු නොවන බව මේ කෙටි සටහනෙන් වුව පැහැදිලි ය. එය  තව තවත් පුළුල් කර ගැනීම අප සතු වගකීමකි. අනාගත පරපුරේ අභිලාෂ ඉටුකිරීමට ‘‘ද පිකෝ ට්‍රේල්’’ මහරු සම්පතක් බවට පත්කර ගත හැකි ය.


-චමින්ද      



අදහස් (4)

සංචාරක ක්ෂේත්‍රයේ නවමු අත්දැකීම ‘‘ද පිකෝ ට්‍රේල්’’

Samanthika Monday, 17 June 2024 09:10 PM

ඉතාම හොඳ ප්‍රොජෙට් එකක් .රටේ සුන්දරත්වය දැකබලා ගැනීමට වටිනා අවස්තාවක්

:       0       12

CC Wednesday, 19 June 2024 11:47 AM

ඉතාම හොඳ වටිනා සංචාරක ප්‍රවර්ධන වයාපෘතියකි මෙය කිලෝ මීටර. 30 විතර කොටස් 10කට වෙන් කර හැකි අයට කි.මි.300 ම යන්නත් අනෙක් අයට හැකි දුරක් ගොස් නැවත ප්‍රධාන මාර්ගයන්ට සම්බන්ධ කර වාහන පහසුකමකින් ගම් හරහා ඇවැසි තැනකට යන්නත් ගම් ඔස්සේ ලින්ක් එකක් සකස් කරන්නේ නම් ඉතා වටිනා වැඩකි. ඒ සඳහා අවශ්‍ය ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගත යුතුයි.

:       0       2

වරුන ජයවර්ධන Saturday, 22 June 2024 08:16 AM

මෙම ඇවිදින මන්තීරුව දකුණු ආසියාවේ දිගම ඇවිදින මන්තීරුවයි. අදියර 22ක් කිලෝමීටර 300ක් දිගට විහිදුණු pekoe trail ඇවිද යන මන්තීරුව දෙස් විදෙස් සන්චාරකයින් හට ස්වභාවික පරිසරය විඳිමින් පරිසරය ආරක්ෂා කරමින්, ලන්කාවේ ඇත්තම ලස්සන බලන්න ආස කරන අය සඳහා විවෘත කර ඇති බව මගේ හැඟීමයි. අදියර 7ක් දැනට සම්පූර්ණ කර තිබෙන මා බලාපොරොත්තු වනවා සියලුම අදියර කිරීමට... ඔබ pekoe trail හි ඇවිද යනවා නම් පා සටහන පමණක් ඉතිරි කර ඇවිදින්න. පරිසරය විදින්න නැවුම් වාතය ආස්වාස කරන්න. මෙහි පාරවල් තව ටිකක් පිළිවෙල කරනවා නම් අගය කොට සලකමි.

:       0       6

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 29 June 2024 05:05 AM

කොතරම් අගනා ක්‍රියාවක්ද? තවම ගොදුරු සොයන කාලකන්නි දේශපාලකයෙක් මැදිහත්වී නොමැති යයි සිතමි.

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 981 1

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 581 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2448 3

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2405 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 251 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2799 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site