IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.6කින් ඉහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් 187,810 ට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම වසරේ පළමු මාස 7 තුළදී සංචාරකයන් 1,368,288 ක් මෙරටට පැමිණ ඇති අතර මෙම වසරේ සංචාරක ඉලක්කය වන ලක්ෂ 30 සීමාවට ළඟාවීමට නම් තවත් සංචාරකයන් 1,631,712 ක පිරිසක් ඉතිරි මාස 5 දී ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව ඇත.

ජූලි මාසයේදී මෙන්ම මෙම වසරේ පළමු මාස හත තුළදීද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 37,128 ක් සහ පළමු මාස හත තුළදී සංචාරකයන් 279,122 ක් මෙරටට පැමිණ ඇත. ජූලි මාසයේදී දෙවැනි සහ තෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ නෙදර්ලන්තයෙන් වේ.

නමුත් මෙම වසරේ පළමු මාස හත තුළදී මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ රුසියාවෙන්ය.

 



අදහස් (1)

සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.6කින් ඉහළට

අරවින්ද මොණරවිල Monday, 04 August 2025 09:44 AM

ලබන නොවැම්බර් හා දෙසැම්බර් වන විට මෙරට සංචාරකයන්ගෙන් පිරෙනු ඇත. ඒ නිසා සංචාරකයන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න පතාල මර්ධනය කරලා පොලිසිය මගින් නීතිය හා සාමය රට තුල ස්ථාපිත කරන්න ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 621 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site