(දයාරත්න ඇඹෝගම)
වෙළද පොලෙහි සිමෙන්ති හිඟයක් පවතින බවට පෙන්වමින් සිමෙන්ති තොගයක් සගවා වැඩි මිලට අලෙවි කළ අනුරාධපුර, නාච්චාදුව ප්‍රදේශයේ ගබඩාවක් වටලා සිමෙන්ති මිටි 50ක් සොයාගත් බව අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
පාරිභෝගික සේවා නිළධාරින්ට ලැබු තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.මෙම සිමෙන්ති තොගය සගවා තිබු ව්‍යාපාරිකයා මෙම සිමෙන්ති තොගය වැඩි මුදලට අලෙවි කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරින් පැවසිය.
මෙහිදි එහි තිබි සිමෙන්ති මිටි පනහක(50) පමණ ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.ඒ අනුව එම සිමෙන්ති සගවා තිබු ගබඩාවට මුද්‍රා තැබිමට නිළධාරින් කටයුතු කළේය.
මොවුන් සිමෙන්ති හිගයක් මවා පාමින් වැඩිමිලට අලෙවි කරන අතර නිවැරදි බිල්පතක් නිකුත් නොකරන බවත් ඔවුන්ගේ හිතවත්කම් තියෙන අයට පමණක් වැඩිමිලට සිමෙන්ති ලබා දෙන බවද පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීහු පැවැසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සැඟවූ සිමෙන්ති තොගයක් අල්ලයි