(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම් වැටි දෙකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 40000/= ක ඉල්ලා එයින් රුපියල් 30000/= ක මුදලක් ලබාගත් පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකි.
පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා තීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් තීරෝද රථය නවතා සිංගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී දුම් වැටි දෙක හමුවී තිබූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ජාතිකයා අමතා මෙය අධිකරණයට ඉදිරිපත් කළොත් රුපියල් 50000/= ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් රුපියල් 40000/= ක් ඉල්ලා එයින් රුපියල් 30000/= ක මුදලක් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
සිංගප්පූරු ජාතිකයාගෙන් ජරාව කෑ පොලිසියේ දෙකක් මාට්ටු
maalaka Thursday, 21 August 2025 07:57 AM
යන තැන ඉවරයි.. තදින් නීති ක්‍රියාත්මක කරන්න. තව අවුරුදු 20 ක් යයි මේ නිලධාරීන් හදන්න.
pakeer Thursday, 21 August 2025 09:28 AM
මේවගේ ප්‍රවෘත්ති දානකොට නම්, පිංතූරත් දාන්න