IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞඛ්‍ය පරික්ෂකවරුන්ට බලතල නොතිබිමෙන් ගැටලු රැසක්

විනීතා එම් ගමගේ 

නිරෝධායන පනතේ පවතින බලතල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මෙතෙක් පවරා නොතිබීම ඔවුන්ගේ රාජකාරිවලට බාධාවක් වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි.

රඹුක්කන කඩිගමුවේ දී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට අද මුහුණ දෙන්නට වූ සිද්ධිය ද එසේ බලතල නොමැති කමින් සුදුවූ පහරකෑමක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදිපයට පැවැසීය.

කේෂත්‍රයේ නිලධාරින් වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නිරෝධායන පනත යට⁣තේ බොහෝ බලතල පැවරිය හැකි බවත් ඒපිළිබඳව අමාත්‍යවරියගෙන් මේ වනවිටත් ඉල්ලීමක් කර ඇතිබවත් උපුල් රෝහණ මහතා කීවේය. 

කෙසේ වෙතත් කොරෝනා මර්දන සටනේ දී එකී බලතලවල අවශ්‍යතාවය පවතින බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉක්මනින් යම්  පියවරක් ගනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කලේය.



අදහස් (6)

සෞඛ්‍ය පරික්ෂකවරුන්ට බලතල නොතිබිමෙන් ගැටලු රැසක්

Clarence Sunday, 05 April 2020 12:00 AM

කවුද මේ බලතල පවරන්නේ නැත්තේ? ලෝකෙන් උතුම් රට!

:       14       3

Sriyal Sunday, 05 April 2020 12:38 AM

මීට බොහෝ කාලයකට පෙර මේ දේ කිව්වා. දවසෙන් කරන්න පුළුවන් දේවල් මේවා.

:       0       2

Chandika Sunday, 05 April 2020 01:28 AM

අදාළ බලතල සියල්ල මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මහජන සෞඛ්‍ය සේවා නිලධාරින් වෙත පවරා ඇත. වෙනත් වෘත්තික කණ්ඩායම් සමග ඇති බල අරගලයන් කරලියට ගෙන ඒමට මේ අභාග්‍ය සම්පන්න මොහොත අවස්ථාවක් කර නොගත යුතුය !

:       0       80

de silva Sunday, 05 April 2020 01:51 AM

තිබෙන බලතල හොඳටම ඇති , නමුත් ඒවා නිසි ආකාරව ක්‍රියාත්මක වෙන්නේ නැති එක ප්‍රශ්නයක් , පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවත් මහජන සෞඛ්‍ය පරික්ෂ්කලට ලැබෙනවා, මහජන සෞඛ්‍ය පරික්ෂකලට පහරදීමක් සිදුවන්නේ ඉතා කලාතුරකින් , මේගැන එපමණ කලබල වීමට අවශ්‍ය නැහැ .

:       0       18

rana Sunday, 05 April 2020 03:25 AM

නොතේරන දේ බාර ගෙන කොරන්න ගිහින් අනා ගෙන අල කරගෙන වගේනේ ? නොදන්නා දේ නොකරන් රාලේ කිවූවලු නේ ?

:       19       1

jayath Sunday, 05 April 2020 04:05 AM

ජනතාවගේ පොදු මතය මේ ඇමතිතුමිය කරන කෙන්ගෙඩියක් නැහැ කියලයි. ඊයේ කතාවම දැක්ක නේද මුළු කතාවෙන් 3/4 ක් ම තිබුනේ සර් කියන වචනේ. මේ තමන්ගේ වගේම තමන්ගේ ල බැඳී යන්ගේත් ජීවිත අවදානමත් නොතකා මාහැඟි සේවයක් කරන මිනිස්සුන්ට බලතල දෙන්න බැරිනම් අඩු ගන්නේ දෙකයි දෙකේ පොලු කැලි ටිකක් හරි දෙන්න.

:       115       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31526 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13867 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site