IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය අමාත්‍යංශයේ අබලි වාහන වලින් කෝටි 12ක් සොයයි

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවත් කළ අබලි වාහන 60ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රුපියල් දොලොස් කෝටි අටලක්ෂ හැත්තෑහත්දහසක මුදලක් (රු120,877,000)  රජයේ අදායමට බැර කළ බව සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි.

මෙම අබලි වාහන 60න් වාහන 53ක් සාමාන්‍ය වාහන ලෙසත්, වාහන 7ක් අබලි වාහන ලෙසත්, වෙන්දේසි කරන ලද බව අමාත්‍යාංශය පවසයි.

වෙන්දේසි කළ වාහන අතර අබලි මෝටර් රථ, අබලි ත්‍රිරෝද රථ සහ අබලි යතුරුපැදි ද වූ බව සඳහන් වේ. ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ කොම්ප්ට්‍රොලර් ජනරාල්ගේ අනුමැතිය ලද වහාම ධාරිතාවය 1800 CC ට වැඩි පෙට්‍රල් වාහන සහ 2300 CC ට වැඩි ඩීසල් වාහන (ධාවන තත්වයේ) 18 ක්ද ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කිරීමට නියමිත බව සෞඛය අමාත්‍යාංශය සදහන් කරයි.

එම වාහන අපහරනය සඳහා වු තක්සේරු කම්ටුවේ සභාපති ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා හා කමිටු සාමාජිකයන් ලෙස අධ්‍යක්ෂ නිමල් දිසානායක, ගණකාධිකාරී ආර්.බී.ජී.එල්. තිලකරත්න, යාන්ත්‍රික ඉංජිනේරු සහන් පැතුම් හා මෝටර්රථ පරීක්ෂක එම්.එල්.ආර්.චන්ද්‍රබන්ඩාර යන මහත්වරුන් කටයුතු කර ඇත.



අදහස් (1)

සෞඛ්‍ය අමාත්‍යංශයේ අබලි වාහන වලින් කෝටි 12ක් සොයයි

ගුණරත්න Monday, 25 August 2025 03:48 PM

බුහ හා, අබලි වාහන, ඒත් කෝටි 12ක් ලැබිලා, එතකොට මේවා ඇත්තටම අබලි වාහනද? දළ වශයෙන් එක වාහනයකට ලක්ෂ 20ක මුදලක් ලැබිලා තිබෙනවා. මෝටර් සයිකල් වටිනාකම එතරම් වෙන්නේ නැහැ. ඉතින් නියම වෙන්දේසි මිල මීට ඉහළයි. එය විදෙස් රටකින් බදු රහිතව හොඳ වාහනයක් ගන්න ප්‍රමාණවත් මුදලක්. ඉතින් කාටද මේ බොරු කරන්නේ?

:       28       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14410 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 416 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 252 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site