IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


සංස්කෘතික අරමුදලේ කෝටි 800ක් පිල්ලි ගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ මහේෂ් කීර්තිරත්න)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉකුත් 2017-2020 අතර කාලයේදී රුපියල් කෝටි 800කට වැඩි බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට විමර්ශනවලදී පැහැදිලි තොරතුරු අනාවරණයවී ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.

එම අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙම මුදල් විවිධ ව්‍යාපෘති සඳහා වැයකර ඇති නමුත් සමහර ව්‍යාපෘති එම ආරමුදලේ විෂය පථයට පවා නොවැටෙන ඒවා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මේ අනුව මෙම කාල සීමාවේදී එම අරමුදල අපේක්ෂිත අරමුණු වලින් බැහැර වී ඇතැයිද දිසානායක මහතා පැවසීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට රජය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව එම කමිටුව මෙසේ පත් කෙරිණ.

කමිටුවේ විමර්ශන මේ වනවිට අවසන් වී ඇති අතර එහි අවසන් වාර්තාව ඉදිරි දිනවල බාරදීමට නියමිතය.

එම වාර්තාවෙන් අනාවරණය වන තොරතුරු පදනම් කරගෙන ඊට වගකිවයුතු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා කීය.

 



අදහස් (0)

සංස්කෘතික අරමුදලේ කෝටි 800ක් පිල්ලි ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31733 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14193 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 208 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site