
(අංජුල මහික වීරරත්න)
රටට මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රටේ ආර්ථික ප්‍රශ්නය 2028 දක්වා කල් දමා තිබෙන බව කී රණවක මහතා 2028න් පසු ආණ්ඩුවට ණය ගෙවන්න වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැවසීය.
ඒ කාලයේ දී රටේ ආර්ථිකය වර්ධනය කරන වැඩපිළිවෙළක් ජනරජ පෙරමුණ ඉදිරිපත් කර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රායෝගික වැඩපිළිවෙළේ සාරාංශය රැගත් පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකට ගම්පහ නගරයේ දී සහභාගී වෙමින් රණවක මහතා මේ බව කීය.

COMMENTS
අනේ පාඨලී ඔයත් දැන් මිනිස්සුන්ට දකිනකොට අප්පිරිය වුනු චරිතයක්. පටන්ගත්තේ සිහල උරුමයෙන් . අද මෙතන හෙට අතන වගේ තමයි . වැඩක් කරන්න පුළුවන් හැකියාවක් තිබුනට උද්දච්ච කම් නිසා කවදාවත් රටේ නායකත්වයට එන්න ලැබෙන්නේ නැහැ
ව්‍යවස්ථාව සංශෝධනයක් කරන්න දෙයක් නැහැ කොහොම හරි නියමිත කාලයේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු නොකලත් පවත්වන කුමන මැතිවරණය වුනත් ඡන්දය තීරණය ගන්න අයට විරුද්ධව පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා බැසිල්ගේ අවශ්‍යතාව ඉටු කලොත් එජාපය හා පොහොට්ටුව නැත්තටම නැතිවේවි
පාඨලී දක්ෂ බුද්ධිමතෙක්. එත් නායකත්වයට ඒමේ හුදු අභිලාශය නිසාම වැඩේ අවුල් වී ඇත.