
(ෂේන් සෙනෙවිරත්න)
නගරයක් ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේදී සියලු දෙනාගේ අදහස් විමසිය යුතු බවත් එසේ නොවුණහොත් යම් විරෝධයන් ඇති විය හැකි වුවත් අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුත්තක් නම් ඩෝසර් කර හෝ එය සිදුකළ යුතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ අද (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විසල් මහනුවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍ය අරුණ කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් හා මහනුවර ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
එහිදී අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
සංවර්ධන කටයුතු සිදුකිරීමේදී සියලු දෙනාගේ අදහස් නොවිමසා සැලසුම් සකස් කළහොත් විවිධ විරෝධයන් දුක් ගැනවිලි ඉදිරිපත් විය හැකියි. එම නිසා සියලු ප්‍රජාවන් සමග සාකච්ඡා කොට සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම ඉතා වැදගත්.
අද පැවති සාකච්ඡාවට අනුව ඉදිරියේදී සිදු කිරීමට මහනුවර සංවර්ධනන ව්‍යාපෘතියට 99% කැමති බවක් පෙනුනා. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුන බවක් පෙනුනත් එය නිරාකරණය කර ගැනීමට හැකියාව තිබෙනවා. කටුගස්තොට සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වෙළඳ ගංගම් වල විරෝධතාවයක් තිබෙන බව සඳහන් වුණා. එය කළමනාකරණය කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි.පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සින්නක්කර ඔප්පු දීමේ සටහන නවතා දැමීමට තීරණය කළ බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළ අතර නව ක්‍රමවේදයකට අනුව එම ඔප්පු ඉක්මනින් නැවත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසීය.
පසුගිය කාලයේ ලබාදුන් ඔප්පු ක්‍රමයට අනුව ඉඩම් විශාල ප්‍රමාණයක් කැබලවීමේ අනතුරක් තිබෙන බව පැවසූ අමාත්‍යවරයා උරුමය ඔප්පු ක්‍රමය තුළින් එය ලබාගන්නා පුද්ගලයාට පවුලේ අන් කිසිවෙකු ගැන නොසලකා එම දේපොළ විකුණා දැමීමේ හැකියාව තිබෙන බවද පැවසීය.
COMMENTS
කරුණාකර නාගරික සංවර්ධන අධිකාරිය නගර සභා ප්‍රදේශ වලට පමණක් සීමා කරන්න , ගමේ ගෙයක් හැදුවත් ඔය නිලධාරීන්ට පගාව දෙන්න සිද්ධ වෙලා මේක විශාල කරදරයක්
මහනුවර මීට වඩා පිළිවෙළකට ආකර්ශනීය ලෙස තියාගන්න පුළුවන් සහ තියාගත යුතු නගරයක්... විශේෂයෙන් විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයින් පිළිගන්න මීට වඩා වැඩ පිළිවෙළක් අවශ්‍යයයි. නැත්නම් මේ නගරයේ වටිනාකම කිය කියා ආඩම්බර වුණාට පිටින් එන මනුස්සයෙක්ට හරියට කන්න කෑමක් නෑ වැසිකිලි පහසුකම් මඟ තොට නිදහසේ ඇවිද යන්න විදියක් නැති වෙලා ශබ්ද විකාශන දාගෙන තැන තැන හිඟන්නෝ ගීත ගායනා කරනවා කන්දොස් කිරියාවේ බෑ මේවාට අවසර දෙන්නෙත් ඔලමොට්ටල නගර සභාවමයි... කාට කියන්ඩද නගරයේ නිදහස නැති කරන්න දෙන්න එපා...
පිස්සුද හැටිද?
දැන් රට දුවන්නේ බැඳුම්කර විකිණීමෙන් එන මුදලින් ඔය සංවර්ධනයට මුදල් කොයින්ද? කියවීම රැකියාවක් කරගත් මොවුන්ගෙන් දැනටමත් රටට වී ඇති විනාශය නොපෙන්වීමට ජනතාව තවදුරටත් රවටනවා...
ජනප්‍රිය දේශපාලනය කරලා රටවල් හදන්න බැහැ. හොඳම උදාහරණය කොළඹ, පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකට යන පාර, මිනිස්සුන්ට පාරේ යන්න ඉඩ නැහැ. මේ කඩ දාගෙන ඉන්න අයගෙන් අහලාද වැඩ කරන්න බලාපොරොත්තුව? හැබැයි ඔය ආණ්ඩුවෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...
ඔය කබීර් කියලා අදහස් දාලා තියෙන්නේ කටුගස්තොට අන් අයට කරුමයක් විදියට වෙළඳාම් කරන ප්‍රජාව නියෝජනය කරන කෙනෙක් විය යුතුයි. කටුගස්තොට සියලුම පාරවල් ඉදිරියේදී අධිවේගී මාර්ගය එකතු වෙන්න පෙර විශාල නොකළහොත් අධික තදබදයක් ඇති වනු නොඅනුමානයි..
පාරේ තාර දමලාවත් නැහැ. මඩ ගොඩක් සමහර තැන්වල පළල අඩි 7 වගේ තිබෙන්නේ..., අපේ ගෙදරට ඉස්සරහ ගෙදර මිනිස්සු තාප්පේ බඳිනකොට අඩි 2 1/2 පස්සට කරලා බැඳගත්තා. එමනිසා අපිත් අඩි 2 1/ 2ක් පස්සට කරලා වැට ගැහුවා. අපි ජීවත්වෙන්නේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක.. දැන් නාගරික සංවර්ධන අධිකාරියෙන් ඇවිත් කියනවා පාරේ පළල අඩි 15 ලු ගෙවල් හදන්න පුළුවන් පාරේ මැද සිට ආදී 25 පසු පසින්ලු එක නිසා දැන් මේ COC එක දෙන්න බැහැලු... නමුත් අපි ගෙවල් හදලා තිබෙන්නේ දැනට වසර 5 කට පෙර අනුමත කරපු ප්ලෑනට අනුව අවශ්‍ය ඉඩ තබලා, බ්‍රෝකර් කෙනෙක් වැඩේ කරලා දෙන්න ලක්ෂ 5ක් ඉල්ලනවා... තවම අපි නිවසට පිගන් ගඩොල් ටිකවත් අල්ලලා නැහැ... හරිම අසාධාරණයක්... අපි ජනාධිපතිතුමාටත් මේ ගැන ලිව්වා තවම උත්තරයක් නැහැ...